Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හරක් කටා සහ කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළේ යැයි කියනු ලබන හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වන මිදිගම චූටි සහ ජිලේ නමැති පාතාලයේ අපරාධකරුවන් දෙදෙනා මැලේසියාවේදී දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙතෙක් නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැතත් ඒ බව තහවුරුකර ගැනීමටත් ඔවුන්ව සැබෑ ලෙසම අත්අඩංගුවට ගෙන තිබේ නම් මෙරටට පිටුවහල්කර ගැනීමටත් අවශ්‍ය කටයුතු සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මොවුන් දෙදෙනාව මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇතැයි පැවසෙන්නේ පෙරේදා (25) දාය.
මොවුන් දෙදෙනා කාලයක්ම රැ දී සිටියේ ඩුබායි හීය. පසුව ඔවුන් ඩුබායි සිට මලයාසියාවට ගොස් තිබුණු බව බුද්ධි අංශ අනාවරණයකරගෙන තිබිණි.
ආරංචි මාර්ග අනාවරණයකරනු ලබන්නේ ඔවුන් දෙදෙනා නීතීඥ සහය ලබාගනිමින් ඩුබයිවලට පිටුවහල්කර ගැනීමට දැඩි උත්සහයක මේ වන විට නිරතව සිටින බවය.
ජිලේ නමැත්තා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී සුමුදු රුක්ෂාන්ට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින්නෙකි.
ඔහු අංගොඩ පදිංචිකරුවකු වන අතර අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ලෙස ක්‍රියාකාරීව සිටි අයෙකි. අංගොඩ ලොක්කාගෙන් පසු අංගොඩ පාතාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ මොහුය.
හරක් කටා ඩුබායි රැ දී සිටිය දී මෙරට ඔහුගේ මත්කුඩු ජාලය පාතනය කරමින් පාතාල අපරාධ මෙහෙයවනු ලැබූවෙක් වන්නේ මිදිගම චූටිය.
මිදිගම පොලිස් වසමේ පිහිටි සංචාරක ආකර්ශනයක් දිනාගත් අවන්හලක් වන චිකී මංකි නමැති අවන්හලේ හිමිකරු ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට නම කියැවෙන අපරාධකරුවෙක් ලෙස පොලිසිය හදුනාගෙන සිටින්නේ මිදිගම චූටි නමැති පුද්ගලයාවය.
මෙම පුද්ගලයා වඩාත් කථාබහකට ලක්වූයේ හරක් කටා හා කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කමාන්ඩෝ ප්‍රහාරයක් එල්ලකිරීමේ සැළසුමට පිටුපස ඔහුගේ නම කියැවෙන්නට පටන් ගැනීමත් සමගිනි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart