October 10, 2023

මහාචාර්ය Fares Haddad ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ විශිෂ්ඨ ක්‍රියාකලාපයට ස්තුතිවන්ත වන්නට සිය මස්පිඬු දෝෂය පිළිසකර කිරීමට සිදුකළ ශල්‍යකර්මය සාර්ථක වූ බව වනිඳු හසරංග පවසයි.

සිය ⁣ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් වනිඳු හසරංග පවසා ඇත්තේ, ඒ බව තමන් සතුටින් දැනුම්දෙන බවය.

මද කාලයක් විවේක ගැනීමට සිදුවුවද, ශ්‍රී ලංකාව වෙනු⁣වෙන් හැකි ඉක්මණින් ක්‍රීඩා කරන බව වනිඳු හසරංග එමගින් සදහන් කර ඇත.

වෛද්‍යවරුන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, රෝයල් චැලෙන්ජ් බැංග්ලොර් කළමනාකාරිත්වය ඇතුළු මේ මොහො⁣තේ උපකාර කළ සියලුදෙනාට ස්තුතිවන්ත වන බවද පවසන වනිඳු වැඩිදුරටත් සදහන් කර ඈත්තේ, තමන්ට ශක්තියක් වූ සිය බිරිඳටද ස්තුතිය පළකරන බවයි.