June 23, 2024

මත්පැන් සඳහා වට්ටම් ලබාදෙන Happy hour ප්‍රවර්ධන පිරිනැමීම සම්බන්ධයෙන් හෝටල් හිමියන් සහ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) අතර පවතින ගැටලුව විසඳී ඇති අතර, ඒ පිළිබඳ නිල නිවේදනය ළඟදීම ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ, හෝටල් හිමියන් විසින් Happy hour ප්‍රවර්ධන ලබාදීමට එරෙහිව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් නිකුත් කර ඇති බව කියන තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකාරිය නීතිපති දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ඇති බවයි.

ඒ අනුව එම ගැටළුව සමථයකට පත් වී ඇති බවත් නුදුරේදීම ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රශ්නය ගැන තවදුරටත් විස්තර කරමින් ඔහු පවසන්නේ, “මෙය මූලික වශයෙන් නීතිය වැරදි ලෙස කියවීමක්. සියල්ල හොඳින් සිදුවන අතර හෝටල්වලට මෙම ප්‍රවර්ධන දිගටම ලබා දීමට හැකි වෙයි” යනුවෙනි.

කෙසේවෙතත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි ප්‍රකාශ කරන්නේ, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත යටතේ ක්‍රියාත්මක කරන සියලුම ක්‍රියාමාර්ග සුරාබදු දෙපාර්තමේන්තුවේ වපරිසයට අයත් වන බවත්, Happy hour ප්‍රවර්ධනයට අදාළව පවතින ආරවුල විසඳා ගැනීමක් පිළිබඳව තමන් මේ වන විට නොදන්නා බවයි.

කෙසේවෙතත්, මෙම ගැටළුව සහ සංචාරක ව්‍යාපාරයට ඇති වන බලපෑම සම්බන්ධයෙන් සංචාරක බලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා කර ඇති බව තමා දන්නා බව ඔහු සඳහන් කරන නමුත්, එහි අවසන් තීන්දුව තවමත් සුරාබදු දෙපාර්තමේන්තුවට දන්වා නොමැති බව ද කියාසිටියි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් එම්. ජේ. ගුණසිරි පවසන්නේ, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් කරන ලද අනතුරු ඇඟවීම් බැලූ බැල්මට නීත්‍යනුකූල වන්නේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතේ මත්පැන් මිලදී ගැනීමේදී වට්ටම් ලබාදීම තහනම් කිරීමේ ප්‍රතිපාදන තිබෙන නිසා බවයි.

ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති එම්. ශාන්තිකුමාර් Happy Hour ප්‍රවර්ධන පිරිනැමීම සම්බන්ධයෙන් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ ඇති ගැටලුව විසඳා ඇති බව අවිධිමත් ලෙස දැනුම් දුන් බව පිළිගනියි.

කෙසේවෙතත්, බලධාරීන් විසින් නිල නිවේදනයක් නිකුත් කරන තුරු ඔවුන්ගේ සාමාජිකයන් Happy Hour පහසුකම් ලබාදීමෙන් වැළකී සිටින බව ද ඔහු ප්‍රකාශ කරයි.(Sunday Morning)