March 25, 2025

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳුදා (මාර්තු 24) සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් (පෞද්ගලික) සමාගම හෙවත් ලුමාලා සමාගමේ සංචාරයක නිරත විය.

ෆේස්බුක් හි සටහනක් තබමින් අමාත්‍ය හඳුන්නෙත්ති පවසන්නේ, මෙම සංචාරයේදී දේශීය කර්මාන්තකරුවන් මුහුණදෙන වත්මන් ගැටළු සහ ඔවුන්ගේ අවශ්‍යතා ගවේෂණය කළ බවයි.

දේශීය කර්මාන්තකරුවන් දිරිමත් කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වලට අනුකූලව කර්මාන්තකරුවන් මුහුණදෙන වත්මන් ගැටළු විසඳීම සඳහා ධනාත්මක සහ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම රජයේ අරමුණ බව ඔහු තවදුරටත් පවසයි.

ගැටළු විසඳීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් සහ කැපීපෙනෙන කොටස්කරුවන් බවට පත්කිරීමට ද රජය අදහස් කරන බව අමාත්‍ය හඳුන්නෙත්ති සඳහන් කරයි.