Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශවීන්ද්‍ර වික්‍රමගේ වැඩ තහනම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බව ‘Sunday Times’ පුවත්පත වාර්තා කරයි.
ශවීන්ද්‍ර වික්‍රමගේ වැඩ තහනම් කර ඇත්තේ, ඔහුගේ ප්‍රධානීන්ගේ නියෝගවලට අකීකරු වීමේ චෝදනාව මතය.
මෙම නිලධාරියාට නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 20කට වැඩි සේවා කාලයක් ඇත.
සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසන්නේ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිලධාරියාගේ වැඩ තහනම් කිරීම අනුමත කර ඇති බවයි.
ශවීන්ද්‍ර වික්‍රම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ කෙසෙල්වත්ත පොලිසියට කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් ද ඉදිරිපත් කර ඇත.
ශවීන්ද්‍ර වික්‍රමට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවද වාර්තාව පවසයි.
පහතින් දැක්වෙන්නේ ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මෙම වැඩ තහනම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකි.
‘නීතිපති දෙපාර්තමේන්තුවේ ශමින්ද වික්‍රමගේ වැඩ තහනම්
උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අනීතිකව අපේ ගමනට බාධා කිරීමක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ 22470/22 කියන පෞද්ගලික නඩුවක් අපි ගොනුකළා 2022 වසරේ ඔක්තෝබර් මාසයේදී. නඩුවේ පෙත්සම්කරු මම. වගඋත්රකරුවන් වුණේ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් සහ එවකට සහකාර පොලිස් අධිකාරී නලින්ද දිල්රුක් කියන දෙදෙනාට විරුද්ධව.
ඒ පෞද්ගලික නඩුව දැම්මේ 2022 ඔක්තෝබර් මාසයේ 09 වැනිදා ගාලුමුවදොර තිබිච්ච සාමකාමී සැමරුමට බාධා කරමින් ළමයින්ට සහ කාන්තාවන්ට පවා පහර දෙමින් පොලිසිය කර වැරදි හැසිරීමට විරෝධය දක්වමින් නීතිඥවරුන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිස් ඔක්තෝබර 10 වෙනිදා කරපු සාමකාමී නිහඩ විරෝධය අවසන් කරලා පයින්ම නීතිඥවරුන්ගේ කාර්යාල පැත්තට යද්දි පාර හරස් කරමින් අපිට බාධා කිරීමට විරුද්ධව.
මෙම පෙත්සම මුලින්ම කැඳවූ අවස්ථාවේදි අපි වෙනුවෙන් කරුණු දක්වපු මාගේ නීතිඥවරුන් පෙන්වලා දුන්නා පොලිසියේ කළේ අපරාධ වරදක් කියලා. ඒ අනුව රොෂාන් ඩයස්ට සහ සහකාර පොලිස් අධිකාරී නලින්ද දිල්රුක්ට චූදිතයන් ලෙස අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කිරීමට එවකට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළා.
එහෙම තියෙද්දි සහ නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුවේ පාර්ශ්වයක් නොවන පසුබිමක නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම කියන පුද්ගලයා මෝසමක් මගින් අපිත් නැතුව තනියම නඩුව කැඳවලා චූදිත නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් කරුණු දැක්වීම් කරලා සිතාසි නැවත කැඳවාගෙන තිබුණා. ඒ අනුව මාගේ නීතිඥවරුන් ඉන් පසු දිනෙක මෝසමක් මගින් (අනිත් පාර්ශ්වයන්ටද දැනුම් දී) නඩුව කැඳවලා රජයේ නීතිඥවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කලා. මොකද නීතිපතිට පුලුවන් ඔ්න නම් මේකෙ නඩුව මෙහෙයවීම (මං වෙනුවෙන්) නීතිපතිට බාර ගන්න. මේ කරන්න ගියේ ඒක නෙමේ. (එහෙම බාර අරං නඩුව පවත්වාගෙන යන්නෑ කියපු අවස්ථා තියනවා. ඒත් මේක ඒක නෙමේ)
අවසානයේ මහේස්ත්‍රාත්වරයා පිළිගත්තා මෙම නඩුවේ පාර්ශ්වයක් නොවුණු නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ශමින්ද වික්‍රම මහතාට පෙනී සිටීමට හැකියාවක් නෑ කියලා. කොහොම නමුත් ශමින්ද වික්‍රම දීර්ඝ වශයෙන් පෙනී සිටීමට අයැද සිටි නිසා අධිකරණයට සහයවීම වගේ එකක් යටතේ ඔහුට කරුණු කියන්න අවස්ථාව දුන්නා. වගඋත්තරකාර පොලිසියෙ අය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයෙක් පැමිණ සිටියා.
ශමින්ද වික්‍රම මහතා ඒ නඩුව පටං ගන්න කලින් චූදිත පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඥාතීන් එක්ක එකට ඔවුන් සිටින තැනට වෙලා හිටියේ. චූදිතයන්ගේ පාර්ශ්වයෙන් ගෙනාපු තේ බිබී ඔවුන් සමග ඉඳලා නඩුව පටං ගත්තට පස්සේ නඩුවට කිසිම අදාලත්වයක් නැති මගේ දුරකතන අංක පවා අධිකරණයේ සඳහන් කරමින් ඉතාම නින්දිත සහ ද්වේශසහගත හැසිරීමක යෙදුණා. මේ සම්බන්ධයෙන් මාගේ නීතිඥවරුන් දැඩි ලෙස විරෝධය පල කළා.
අවසානයේදී නඩුවේ නියෝගය ප්‍රකාශයට පත් කරද්දි චූදිතයන්ගේ නීතිඥවරයාගේ තර්ක සියල්ල අධිකරණය ප්‍රතික්ෂේප කළා. ශමින්ද වික්‍රමගේ එක් තර්කයක් පමණක් අධිකරණය පිළිඅරගෙන නඩුව ප්‍රතික්ෂේප කළා. ඒ වෙනකොට තිබ්බ වාතාවරණයත් එක්ක අපට ඉහළ අධිකරණයට යන්න වෙලාවක් තිබ්බේ නෑ.
නඩුව ඩිස්මිස් කළාට පස්සේ පොලිස් මාධ්‍ය ප්රකාශකන නිහාල් තල්දූව මාධ්‍ය සාකච්ඡාවක් කියලා නඩුවේ නොකියවුණු අසත්‍ය කරුණු කිහිපයක් සඳහන් කළා. මට දැනගන්න ලැබුණා ශමින්ද වික්‍රම එක්ක සාකච්ඡා කරලා තමයි මේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ කියලා. ඒ අනුව මම පොලිස් මාධ්‍ය ප්‍රකාශක තල්දූවට විරුද්ධව පැමිණිල්ලක් කළා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට. එහි පිටපතක් නීතිපතිට යොමු කළා. හැබැයි පොලිස්පති පැමිණිල්ල විමර්ශනය කළේ නෑ. නීතිපතිත් මුකුත් කළේ නෑ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට තොරතුරු ඉල්ලීමක් දාලා මේ ගැන ඇහුවම තල්දූව ලිඛිතව දැනුම් දුන්නා මාධ්‍ය සාකච්ඡාවට කරුණු දුන්න කෙනා අනාවරණය කරන්න බෑ කියලා. ටිරාන් අලස්ලා යටතේ තල්දූවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණෙත් නෑ. ශමින්දට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණෙත් නෑ.
කරුණු එසේ තියෙද්දි වෙනත් චෝදනා ගණනාවකට අදාලව ශමින්ද වික්‍රම කියන රජයේ නීතිඥවරයාගේ වැඩ තහනම් කරලා තියනවා පසුගියදා. ඔහුට විරුද්ධව පොලිසියට පැමිණිලි පවා ලැබිලා තිබිලා තිබ්බා. ඔහුගේ හැසිරීම කොහොමද කියනවා නම් පහුගිය මැයි 08 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබ්බා කොළඹ විශ්ව විද්‍යාලයට කඳුළු ගෑස් ගහපු නඩුව. ඒකෙදි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ශමින්ද වික්‍රම. එම අවස්ථාවෙදි ශමින්ද වික්‍රමට එරෙහිව පියවර ගන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. මේ තියෙන්නේ ඊට අදාලව ලිව්ව නිව්ස් එක.
‘කොළඹ විශ්ව විද්‍යාලය තුලට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය ගැන නීතිපතිට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැයි(8) එහි ලේඛකාධිකාරීට නියෝග කළේය.
එසේම රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ද ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය අවවාද කළේය.
කොළඹ විශ්ව විද්‍යාල තුලට 2023 මාර්තු 07 වැනිදා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් කෘර අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකීම සම්බන්ධ එම විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යයන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඊයෙ සලකා බැලීම සඳහා කැඳවීමට නියමිතව තිබිණි.
ඒ අනුව පෙත්සම ඊයේ (8) එස් තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන් ඉදිරියේ කැඳවිණි. කෙසේ වෙතත් වගඋත්තරකරුවන් නියෝජනය කරන නීතිපති දෙපාර්තමේන්තුව නිශ්චිත කාලය තුල සීමිත විරෝධතා ගොනු කර නොතිබිණි.’
වැරදි කරන රජයේ නිලධාරීන්ට ශමින්ද වික්‍රමට වෙච්ච දේ හොඳ පාඩමක්… මේවගේ නිලධාරීන් හැලිලා ගියාම රජයේ ආයතන ගැන තියන මහජන විශ්වාසය වැඩි වෙයි ඉදිරියේදි.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart