December 20, 2024

වසරකට නිෂ්පාදන බහාලුම් 7,000ක් අපනයනය කරන මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සඳහා තම කර්මාන්තපුරයට ඩොලර් මිලියන 25ක ආයෝජනයක් ලැබී ඇති බව හම්බන්තොට අන්තර්ජාති වරාය සමූහය පවසයි.

Comfort Mattress Lanka විසින් හම්බන්තොට අන්තර්ජාති වරාය සමූහය සමඟ වසර 30ක බදු ගිවිසුමක් මත ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීම සඳහා වර්ග මීටර් 62,000ක කර්මාන්ත ශාලාවක් ඉදිකරනු ඇත.

එය අග්නිදිග ආසියාව සහ චීනය සම්බන්ධ ගෝලීය සැපයුම් දාමය හරහා අමුද්‍රව්‍ය ආනයනය කර අපනයනය සඳහා ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනයන් සිදු කරනු ඇත.

කර්මාන්ත කලාපයේ සමාගම්වලට හම්බන්තොට වරායේ බහාලුම් පර්යන්තය භාවිත කළ හැකි බව එහි ප්‍රධාන විධායක විල්සන් කු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“අපි සංවර්ධනය කරන බහාලුම් අංගනය ප්‍රතිනැව්ගත කිරීම හසුරුවන අතර හම්බන්තොට අන්තර්ජාති වරාය සමූහය ගේට්වේ වරායක් ලෙස ස්ථානගත කිරීම ශක්තිමත් කරනු ඇත,” යනුවෙන් ඔහු පැවසීය.

ඉදිරි වසර කිහිපය තුළ කාර්මික උද්‍යානය කෙරෙහි ඇති උනන්දුව වැඩි වනු ඇතැයි ද ඔවුන් අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දේශීය රැකියා සඳහා සැළකිව යුතු අවස්ථා සලසනු ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ ඒ අවට ප්‍රදේශවල තරුණ තරුණියන්ට තාක්ෂණික හා යාන්ත්‍රික කුසලතා පුහුණු කිරීම වැදගත් බවත් එය දේශීය ශ්‍රම බළකාය නිපුණතා සහ ආයෝජනවලින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හොඳින් සූදානම් වීම සහතික කිරීමට අවශ්‍ය බවත් විල්සන් කු පවසයි.

42.31%
17.27%
32.76%