Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිවුන් දරුවන් පස්දෙනකුට සමානව විශාල උදරයකින් යුක්තව සිටි මවකගේ ගර්භාෂයේ තිබූ කිලෝ පහළොවක් බර ඇති ගෙඩියක් සාර්ථක සැත්කමකින් ඉවත් කිරීමට හැකි වූ බව සැත්කම සිදු කළ හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම සඳහන් කළේය.
වීරකැටිය ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි එක්දරු මවකට ඊයේ (03) උදෑසන මෙම සැත්කම සිදුකර ඇති අතර මේ වන විට ඇය නිරෝගී සුවයෙන් පසුවන බව හම්බන්තොට රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම සැත්කම සිදුකර ඇත්තේ ප්‍රසව හා නාරි විශේෂඥ සමන්ත සමරවික්‍රම ඇතුළු සහාය වෛද්‍යවරුන් දෙදෙනකු සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු හා හෙද නිලධාරිනියන් තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසිනි.
වසර කීපයක සිට ටිකෙන් ටික මෙම මවගේ උදරය ඉදිරියට එමින් තිබූ බැවින් ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා විවිධ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර උසුලාගත නොහැකි තරමට උදරය ඉදිමීම හේතුවෙන් හම්බන්තොට ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා වෙත පැමිණ ඇත.
එහිදී ඇයගේ රෝගී තත්ත්වය නිසි ලෙස හඳුනාගෙන කඩිනමින් සැත්කම සිදුකළ බව විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම සඳහන් කළේය.
මෙම රෝගී තත්ත්වය Fibroid (ෆයිබ්‍රොයිඩ්) තත්ත්වයක් බවත් පේෂීන් ඉදිමී ගැටගැසීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවත් පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ප්‍රතිකාර නොගෙන තව දින කීපයක් සිටියා නම් මෙම මව මියයන්නට පවා ඉඩ තිබූ බවද සඳහන් කළේය.
උදරයේ යම් යම් වේදනාකාරි තත්ත්වයන් ඇති වුවහොත් මෙන්ම එය දිගින් දිගටම පවතී නම් විශේෂඥ වෛද්‍යවරයකු ලවා පරික්ෂා කරගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම සියලු මව්වරුන්ගෙන් ඉල්ලීමක් කළේය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart