Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝගීන්ට සේවා සපයන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ හම්බන්තොට මහ රෝහලේ භෞතචිකිත්සකවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
කලක සිට හම්බන්තොට ඇතුළු ප්‍රදේශ රැසකට අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක නිරත වූ හම්බන්තොට මහ රෝහලේ සේවය කළ භෞත චිකිත්සකවරයා මෙලෙස මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ හම්බන්තොට මහ රෝහලේ භෞත චිකිත්සකවරයෙකු ලෙස සේවය කරන සූරියවැව, පොළ පහළ පදිංචිකරුවෙකු වූ කේ. ප්‍රසාද් ඉන්දික නමැති 40 හැවිරිදි එක් දරු පියෙකි.
හම්බන්තොට ප්‍රදේශයේ සිදුවන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව හම්බන්තොට සාමෝදාගම ප්‍රදේශයේ සිදු කළ වැටළීමකදී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රැම් 570 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට එම ඒකකයේ නිලධාරීන් සමත් වී තිබේ.
එහිදී අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ හම්බන්තොට මහ රෝහලේ භෞත චිකිත්සකවරයා විසින් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින බවයි.
ඒ අනුව, අදාළ භෞතචිකිත්සකවරයා නවාතැන් ගෙන සිටි හම්බන්තොට තාවකාලික නවාතැන පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 යි මිලි ග්‍රෑම් 500ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කලක පටන් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සැකකරු දිගින් දිගටම මෙම ජාවාරම සිදු කිරීම නිසා සැකකරුගේ බිරිඳ ද සැකකරුගෙන් වෙන්ව ජීවත්ව සිටින බවද අනාවරණය වී තිබේ.
සැකකරු හම්බන්තොට, අම්බලන්තොට, සූරියවැව, තිස්සමහාරාම හා ඇඹිලිපිටිය යන ප්‍රදේශ වලට මෙම අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකර තිබේ.
සැකකරු වැල්ලම්පිටිය පදිංචි පුද්ගලයෙකුගෙන් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් ලබාගන්නා බව මුලික ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත.
සැකකරුගෙන් සිදු
කළ මූලික ප්‍රශ්න කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart