Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සනීපාරක්‍ෂක තුවා සඳහා වන මිල ගණන් අනුව මෙරට ගැහැනු ළමුන් හා කාන්තාවන්ගෙන් අඩක් තම ගෘහ වියදම් සඳහා සනීපාරක්ෂක තුවා ඇතුළත් නොකරන බව Advocata ආයතනය පවසයි.
සනීපාරක්ෂක තුවාවල මිල සහ මෙරට ගැහැණු ළමුන්ගේ සහ කාන්තාවන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් මෑත වසරවල පැවති සැළකිව යුතු බලපෑම වඩාත් කැපී පෙනෙන බව එම ආයතනය පවසයි.
කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පැනනැගුණු මිලදී ගැනීමේ හැකියාව පහත වැටීම මීට හේතුව වී තිබේ.
2019 වසරේ සිට ශ්‍රී ලාංකිකයන් මිලියන 4ක් පමණ දරිද්‍රතාවට පත්ව ඇති අතර, දිළිඳුකම මැද වෙසෙන මුළු ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මිලියන 7ක් පමණ වේ.
අධික බදු පැනවීම හේතුවෙන් සනීපාරක්ෂක තුවා සඳහා දැරිය හැකි මිලක් නොමැතිකමේ ප්‍රතිවිපාක විමසා බැලිය යුතු බව ද එම ආයතනය පෙන්වාදෙයි.
දිනකට සනීපාරක්ෂක තුවා හතරක් අවශ්‍ය වන පරිදි කාන්තාවකගේ ඔසප් චක්‍රය දින පහක් පවතිනු ඇතැයි උපකල්පනය කළහොත්, ශ්‍රී ලංකාවේ ඔසප් කාන්තාවක් පවතින ලාභම තේරීම සඳහා තෝරාගැනීමක් සිදුකරන්නේ නම්, සාමාන්‍යයෙන් මාසිකව රු.375ක් වැය කිරීමට සිදුවේ.
එනම් ඒ සඳහා රුපියල් 4500ක වාර්ෂික වියදමක් දැරීමට සිදු වේ.
“Advocata ආයතනය ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ ගෘහස්ථ දරිද්‍රතා අනුපාතිකය ගණනය කිරීම සඳහා ගෘහාශ්‍රිත ආදායම් සහ වියදම් සමීක්ෂණය උපයෝගි කර ගනිමින් විශ්ලේෂණයක් සිදු කළා. එමගින් ශ්‍රී ලාංකේය ගැහැණු ළමුන්ට සහ කාන්තාවන්ට ඔසප් වීමේදී සනීපාරක්ෂක තුවා පාවිච්චි කිරීමේ හැකියාව අවබෝධ කර ගැනීම අරමුණ වුණා. අපගේ සොයාගැනීම්වලින් හෙළිවන්නේ 2016 දී නිරපේක්ෂ ගෘහස්ථ දරිද්‍රතා අනුපාතය ආසන්න වශයෙන් 50%ක් වුණා.
නිරපේක්ෂ ගෘහස්ථ දරිද්‍රතා අනුපාතය 40% දක්වා අඩු වී තිබුණා. එහෙත් එහි වැඩිදියුණු වීමක් පෙන්නුම් කළා. කෙසේවෙතත්, මෙම සංඛ්‍යා කොවිඩ් -19 වසංගතයට පෙර පැවති තත්ත්වය සහ මිල දී ගැනීමේ ශක්තිය පෙන්නුම් කළේ. ඉන්පසුව එම ශක්තිය සැළකිව යුතු ලෙස අඩු වී ඇත්තේ අතිශය ඉහළ උද්ධමනය සමඟ ඇති වූ ආර්ථික අර්බුදය අනුවයි,” යනුවෙන් Advocata පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart