August 21, 2024

සමගි ජන බලවේගය තුළ පවතින විවිධ මතභේද හේතුවෙන් තමන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ පාර්ලිමේන්තුව අමතමින් පැවසුවාය.

මීට පෙර දූෂිත දේශපාලනඥයන් ලෙස හංවඩු ගැසූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් මේ වන විට සමගි ජන බලවේගය සමඟ එක්වී ඇති බවත්, එය තමාගේ තීරණයට හේතු වූ බවත් තලතා අතුකෝරළ සඳහන් කළාය.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මෙම තීරණය ප්‍රකාශ කළාය.

“සජිත් ප්‍රේමදාස තව අවුරුදු පහක් ඉවසුවා නම් තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් අපිට මේ අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මම සජිත් ප්‍රේමදාස මහතාට කියනවා, ඔබව මේ අගාධයට තල්ලු කරන අයට අවශ්‍ය වන්නේ ඊළඟ පාර පාර්ලිමේන්තුවට පැමිණීම පමණයි, ඔවුන්ට අවශ්‍ය නැහැ ඔබව ජනාධිපති කරන්න.” යැයි තලතා අතුකෝරළ වැඩිදුරටත් පැවැසීය.