October 19, 2024

ආරක්ෂක අමාත්‍යාශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයන් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනිඅවි ආපසු භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

පෞද්ගලික හෝටල් සමූහයක අධිපතිවරයෙකු විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

සිවිල් පුද්ගලයන් සතු ගිනිඅවි සහ පතොරම් නොවැම්බර් 06 වැනිදා සවස 4.00ට පෙර කඩිනමින් භාරදෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා දැනුම් දුන්නේ ය.

ව්‍යාපාරිකයකු වන තමන් මෙම තීරණය හේතුවෙන් දැඩි තර්ජනකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බව පෙත්සම්කරු පෙන්වාදෙයි.

42.31%
17.27%
32.76%