Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී සරණාගතභාවය පතා මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයන් පිටුවහල් කිරීමට රජය ගත් තීරණයට එරෙහිව අද කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක් පැවැත්විණි.
රෝහින්ග්‍යා සරණාගතයන් හමුදා කඳවුරක රඳවා සිටින බවත්, එක්සත් ජාතීන්ගේ ආයතනවලට ඔවුන්ට ප්‍රවේශය ප්‍රතික්ෂේප කර ඇති බවත් පවසමින් සිවිල් ක්‍රියාකාරීන් කිහිපදෙනකු විසින් මෙම විරෝධතාවය පවත්වන ලදී.
රෝහින්ග්‍යා සරණාගතයන් පිටුවහල් කිරීමෙන් වළකින ලෙසත්, විකල්ප විසඳුමක් සලකා බලන ලෙසත් විරෝධතාකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ.
2024 දෙසැම්බර් 19 වන දින මුලතිව් වෙරළට ඔබ්බෙන් වූ මුල්ලිවයික්කාල් ප්‍රදේශයට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බේරාගන්නා ලදී.
2025 ජනවාරි 03 වන දින මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, රජය මෙම රොහින්ග්‍යා සරණාගතයන් පිටුවහල් කිරීම පිළිබඳව සළකාබලන බවයි.
කෙසේවෙතත්, මෙම තීරණය කැළඹීමක් ඇති කළ අතර, දේශපාලනඥයන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් රජයෙන් ඉල්ලා සිටියේ තම පියවර නැවත සළකා බලන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart