January 4, 2024

අභ්‍යවකාශයේ කළු කුහර ගැන දැනගැනීමේ උත්සාහයත් සමඟ ඉන්දියාව නව වසර ආරම්භ කර තිබේ.

ඒ අනුව, 2024 ජනවාරි මස 01 වැනි දින ඉන්දියාව සිය ‘ධ්‍රැවමිතික මෙහෙයුම’ දියත්කර ඇත.

XPoSat (X-ray Polarimeter Satellite) යන නමින් හදුන්වන මෙය, ඉන්දියාවේ පළමු ධ්‍රැවමිතික මෙහෙයුම වේ.

බ්ලැක්‌හෝල්, නියුට්‍රෝන තරු, ක්‍රියාකාරී මන්දාකිණි න්‍යෂ්ටීන්, නිහාරිකා වැනි විවිධ තාරකා විද්‍යාත්මක මූලාශ්‍ර ගවේෂණය මෙහි මුලික අරමුණ වේ.

“2024 සඳහා විශිෂ්ට ආරම්භයක්, අපගේ විද්‍යාඥයින්ට ස්තූතියි! මෙම දියත් කිරීම අභ්‍යවකාශ ක්ෂේත්‍රයට අපූරු ප්‍රවෘත්තියක් වන අතර, මෙම ක්ෂේත්‍රයේ ඉන්දියාවේ දස්කම් වැඩි කරනු ඇත” යනුවෙන් විද්‍යාඥයින්ට සුබ පතමින්, අගමැති මෝදි ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.