December 29, 2024

මිණිපේ, හසලක, කිණපැලැස්ස ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකගේ වයස අවුරුද්දයි මාස අටක් වයසැති කුඩා දියණියක්, දරුවාගේ පියාගේ පොඩි මාමා (මියගිය සිගිත්තියගේ පොඩි සීයා ) පැදවූ ලොරි රථයකට යටවී පසුගිය 28 දින සවස මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ සෙනුෂි සිහංසා නැමැති සිඟිත්තියකි.

29 වැනි දින උදෑසන, කඩපිලට යෑමට පිටත් වු දරුවාගේ සීයා පැඳවු ලොරි රථයට නිවස ඉදිරිපසදීම යටවී අවාසනාවන්ත ලෙස සෙනුෂි සිහංසා ජිවිතයෙන් සමුගෙන ඇත.

මියගිය දියණියගේ මාපියන් ඩුබායි රාජ්‍යයයේ සේවයේ නියුතුව සිටින අතර, මියගිය දියණිය සහ මව මීට මාස දෙකකට පෙර ඩුබායි සිට මාතර පිහිටි මවගේ නිවසට පැමිණ ඇත.

ඉන් පසු සති කිහිපයකට පෙර හසලක කීණපැලැස්සේ පිහිටි පියාගේ නිවසට ඔවුන් පැමිණ ඇත.

හසලක රැදීසිටි ඔවූන් 29 දින යළි මාතර බලා යෑමට සූදානම්ව සිට ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කළමණා හා නිවසට අවශ්‍ය ජලය රැගෙන යෑමට ඊට පෙර දින සවස (28) දැරියගේ පොඩි සීයා නිවසේ තිබු ලොරි රථය රැගෙන කඩපිලට යෑමට සූදානම්ව ඇත.

ඒ වන විටත් සෙනුෂි දියණියට මව කෑම කවමින් සිට ඇත. අනෙක් නිවැසියන් මුළුතැන්ගේ රොටී අනුභව කරමින් සිට ඇත.

කෙසේනමුත් දියණියට කෑම කවා අවසන් වු පසු මව අත සෝදාගැනීම සඳහා මුළුතැන්ගෙට ගොස් ඇති මොහොතේ, රොටී කැබැල්ලක්ද අතට ගෙන සිගිත්තිය නිවසින් බැහැරට පැමිණ ඇති අතර, ඒ පිළිබද සෝදියක නොසිටි ඇයගේ පොඩි සීයා කඩපිලට යෑමට නිවස ඉදිරිපි නවතා තිබු ලොරි රථය ඉදිරියට ‍ගැනීමේදී ලොරි රථයේ පිටුපස රෝදයට යටවී දියණිය අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.

ලොරි රථයට යටවූ දියණිය නිවැසියන් විසින් කඩිනමින් රෝහල්ගත කෙරුණද, දියණියගේ ජිවිතය බේරාගැනිමට නොහැකි වී ඇත.

සිද්ධිය පිළිබද විමර්ශණ කටයුතු හසලක පොලිසිය විසින් සිදුකරනු ලැබ ඇති අතර, ලොරි රථය පැඳවු මිය ගිය සිගිත්තියගේ පොඩි සීයා අත්අඩංගුවට ගෙන තිබේ.

42.31%
17.27%
32.76%