Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට දිනකට පෙර (24දා) උපාධිධාරීන් 50,000ක් බඳවාගැනීම සඳහා ආණ්ඩුකාරවරුන්ට බලය පැවරෙන ලෙස කැබිනට් මණ්ඩලය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් අද (29දා) පියවරක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක පවසයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදුවන බවට මේ වන විට කොමිසමට පැමිණිලි ලැබෙමින් තිබෙන බවත් ලැබෙන සියලු පැමිණිලි එම අවස්ථාවේම නීති අංශයට යොමුකර අවශ්‍ය පියවර ගන්නා බවත් පවසන සභාපතිවරයා මහජනතාවටද පැමිණිලි කිරීම සඳහා දුරකථන අංකයක් කඩිනමින් හඳුන්වාදීමට කොමිසම කටයුතු කරමින් සිටින බවත් සඳහන් කරයි.
2020 වසරේදී එවකට ජනාධිපතිවරයා විසින් උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීමට තීරණයක් ගෙන ඇති බවත් එම තීරණය අනුව යමින් 2024 ජූලි 24 වැනිදා එනම් ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට දිනකට පෙර අංක PS/CM/ SB/318/2024 දරන කැබිනට් සංදේශය යටතේ උපාධිධාරීන් 50,000ක් බඳවාගැනීමට ආණ්ඩුකාරවරුන්ට බලය පවරමින් කැබිනට් තීරණයක් ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමා මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව අඩු කළයුතු බවට හා ඒ පිළිබඳ වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවට යෝජනා කළ පාලකයන්ම හදිසියේ මෙම තීරණය ගැනීම මගින් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදුකරන ක්‍රියාවක් බවට පෙනීයන බැවින් තමා මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බව හෙට්ටිආරච්චි කියයි.
උපාධිධාරීන්ට හෝ ඩිප්ලෝමාධාරීන්ට රැකියා ලබාදීම පිළිබඳව තමන්ගේ විරෝධයක් නැති බවත් එනමුදු මේ මොහොතේ උපාධිධාරීන් 50,000ක් බඳවාගැනීමට චක්‍රලේඛවලට පටහැනිව සිදුවන්නක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart