Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 188ක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
අද පෙරවරුවේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, එක් සිසුවකු ලකුණු 188ක ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගෙන ඇති අතර තවත් විභාග අපේක්ෂකයන් කිහිපදෙනකු ලකුණු 187ක් සහ 186 ලබාගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා, පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර ඉහළම ලකුණු සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පවතින බව ද පෙන්වාදුන්නේය.
පසුගිය විභාගවලදී සාමාන්‍යයෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව 195 ඉක්මවන අතර 2020 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව 200ක් දක්වා ඉහළ ගොස් තිබූ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.
කෙසේවෙතත්, ඔහු පෙන්වාදුන්නේ මෙම ලකුණු පහත වැටීමට හේතු වී ඇත්තේ 2024 දී ප්‍රශ්න පත්‍රයේ පවතින අසීරු මට්ටම ඉහළයෑම බවයි.
තවද, මෙම අධික තරඟකාරී විභාගයෙන් 10 හැවිරිදි වියේ පසුවන සිසුන්ට එල්ල වූ දැවැන්ත මානසික පීඩනය, වෙනත් රටවල බහුලව දක්නට නොලැබෙන තත්වයක් ලෙසද ඔහු අවධාරණය කළේය.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කුඩා දරුවන්ට අනවශ්‍ය ආතතියක් ඇති නොකර ඊට විකල්පයක් සෙවීමේ වැදගත් බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වාදුන්නේය.
කෙසේවෙතත්, එවැනි විකල්පයක් ක්‍රියාත්මකවන තුරු විභාගය අඛණ්ඩව සිදුකෙරෙන බවත්, සිසුන්ට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා මෙම වසරේ වැඩිම ලකුණු ලබාගත් අයැදුම්කරුවන්ගේ නම් හෙළිනොකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් ඔහු පැවසුවේය.
2024 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ පස්වරුවේ අන්තර්ජාලයට නිකුත් කළ අතර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් ප්‍රතිපල සඳහා පිවිසිය හැකියි.
මේ අතර, ඉහළම දිස්ත්‍රික් කඩඉම් ලකුණ ද මේ වසරේ සාපේක්ෂව අඩු ලකුණක් වන අතර එය 143කි.
2024 – 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉකුත් සැප්තැම්බර් 15 වැනි දින දිවයින පුරා මධ්‍යස්ථාන 2,849කදී පැවැත්විණි.
කෙසේවෙතත් අද පස්වරුව වන විට මෙවර ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාව හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ මිසන්ධි යෙවින්යා බව ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart