July 11, 2024

වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් ළඟදීම නිකුත් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පවසයි.

මාර්ග අනතුරු අවම කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි සති දෙක තුළ නිකුත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය අපේක්ෂා කරන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

2023 දී මාර්ග අනතුරු 2,214 ක් වාර්තා වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 2,321 ක් සිදුව තිබේ.

ජූනි 30 වැනිදා වන විට මේ වසරේ මුළු මාර්ග අනතුරු 1,103ක් වාර්තා වී ඇති අතර, මරණ 1,154ක් වාර්තා වී ඇත.

මෙම ගැටළුව විසඳීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බව ද ඔහු පැවසීය.

එවැනි එක් පියවරක් ලෙස රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් අවශ්‍ය වේග පාලන උපකරණ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට මිලියන 50ක් වෙන්කර ඇති බවයි.

ඉදිරි සතිවලදී නව මාර්ග වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ද ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

42.31%
17.27%
32.76%