Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වෘත්තීයමය ත්‍රිරෝද රථ ජූලි මස 15 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පළමු කිලෝමීටරයට රුපියල් 100ක් ක්ද 2 වැනි කිලෝමීටරයේ සිට වන සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් 90 බැගින් ද අයකළ යුතු බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්‍රසන්න සංජීව ඊයේ (09 වැනිදා) බත්තරමුල්ල රන්මගපාය පැවැති ජනමාධ්‍ය හමුවේදී පැවසීය.
මිල සමාලෝචන කමිටුවේ තීරණය අනුව මෙය ක්‍රියාත්මක බව ද හෙතෙම කීය. තවදුරටත් අදහස් පළකළ ඔහු, මේ වනවිට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ 2500ක් ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි වී ඇතැයි ද කියා සිටියේය.
බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් ඇති බවත්, ඉන් 30,000ක් පරිගණක ගතකර ඇති බවත්, ඒවා ද ඉදිරියේදී ලියාපදිංචි කරන බවත් පැවැසූ සභාපතිවරයා මගී ජනතාවට විධිමත් ත්‍රිරෝද රථ සේවාවක් සැපයීම අධිකාරියේ අරමුණ බවත් කියා සිටියේය.
මෙහිදී අදහස් පළකළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජිවින්ද කීර්තිරත්න කියාසිටියේ, බස්නාහිර පළාත තුළ වෘත්තියේ යෙදෙන සියලුම ත්‍රිරෝද රථ මෙම වර්ෂය අවසාන වන විට ලියාපදිංචි වීම අනිවාර්ය බවය.
එම ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන්නේ නම් හෝ ඊට වඩා මුදලක් අය කරන්නේ නම් ඒ ගැන පැමිණිලි කළ හැකි බවද ලියාපදිංචි නොවන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් පොලිසිය හා එක්ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම කීය.
එසේම අධිකාරිය යටතේ ලියාපදිංචි ත්‍රිරෝද රථවල ගමන් කිරීමේදී යම් අසාධාරණයක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් 0760-450860ට වට්ස්ඇප් කළ හැකි බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart