July 9, 2024

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ, මෙතෙක් නොසළකා හැර ඇති, මෙතෙක් බදු නොගෙවූ ක්ෂේත්‍ර 14කින් බදු අයකර ඒවායින් බදු අනුකූලතාව සහතික කිරීම රජය අපේක්ෂා කරන බවයි.

කෑගල්ල ප්‍රදේශයේදී ජනමාධ්‍යවේදීන් අමතමින් ඔහු කියාසිටියේ මේ සම්බන්ධයෙන් කටයුතු ආරම්භ කර ඇති බවයි.

බදු ගෙවීම පැහැර හැරීමට කිසිවකුට අවස්ථාවක් ලබා දී නොමැති බවත් බදු ගෙවීම සම්බන්ධයෙන් මෙතරම් විශේෂ අවධානයක් යොමුකළ කාලයක් මීට පෙර නොතිබූ බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මහා පරිමාණ උපකාරක පන්ති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේවා, ඉංජිනේරු සේවා සහ මිනින්දෝරු සේවා ඇතුළු බදු ගෙවීම් සඳහා ලියාපදිංචි විය යුතු අංශ 14ක් පසුගිය වසරේ ඔවුන් විසින් පෙන්වා දුන් බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම අංශ දාහතර යටතේ ලියාපදිංචි වී ඇති සියලුම ආයතනවල ආදායම් සම්බන්ධ පරීක්ෂණ පවත්වයි,” සියඹලාපිටිය පැවසීය.

42.31%
17.27%
32.76%