
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයට සම්බන්ධ සේවාවන් සඳහා මෑතකදී හඳුන්වා දුන් නිල මාර්ගගත ගෙවීම් වේදිකාව වන Govpay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමට මහජනතාවට නුදුරේදීම අවස්ථාව හිමිවන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ප්‍රකට තාක්ෂණ ව්‍යවසායකයෙකු මෙන්ම ආයෝජකයකු ද වන හර්ෂ පුරසිංහ අනාවරණය කළේ, මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කටයුතු කරමින් සිටින අතර, එමඟින් මෝටර් රථ හිමියන්ට සැළකිව යුතු සහනයක් හිමිවනු ඇති බවයි.
“රථවාහන දඩ මුදල් Govpay හරහා ද ඉතා ඉක්මණින් ගෙවිය හැකි බව අපට පෙනෙන්නට තිබෙනවා. අපි ඒ පිළිබඳව කටයුතු කරමින් සිටිනවා” යනුවෙන් ඔහු පසුගියදා කොළඹ පැවැති සංසදයක දී පැවසීය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය දැනටමත් එහි මූලික කටයුතු අවසන් කර ඇති බව රජයේ ආරංචි මාර්ග තහවුරු කර ඇති අතර, විධිමත් අවබෝධතා ගිවිසුමක් නුදුරේදීම අත්සන් කිරීමේ සූදානමක් ද පවතී.
බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපනික ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඇතුළු රජයට සම්බන්ධ විවිධ සේවාවන් සඳහා ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගනුදෙනු පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා රජය Govpay ඩිජිටල් ගෙවීම් වේදිකාව දියත් කර තිබේ.
මෙම වේදිකාව රජයේ කාර්යාලවල පුද්ගල ගෙවීම් සඳහා ඇති අවශ්‍යතාවය ඉවත් කරමින් ගනුදෙනු විධිමත් කරයි.
“අපි 7 වෙනිදා Govpay ආරම්භ කරන විට අපට රාජ්‍ය ආයතන 16 ක් තිබුණා. අද වන විට අපට ආයතන 25 ක් තිබෙනවා. සෑම සතියකම අපි නව රාජ්‍ය ආයතන එකතු කරනවා,” හර්ෂ පුරසිංහ වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart