
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රසාරණය වැදගත් බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
කොළඹ පැවති Invest Sri Lanka Capital Market Forum 2025 සමුළුව අමතමින් ඔහු පෙන්වාදුන්නේ රාජ්‍ය ව්‍යවසාය සහ විශාල සමාගම්වල වර්ධනයට, සංවර්ධනයට පහසුකම් සැලසීම සඳහා ප්‍රාග්ධන වෙළෙඳපොළ පුළුල් කිරීමේ වැදගත් බවයි.
දශක ගණනාවක් තිස්සේ බදු ගෙවන්නන්ගේ මුදලින් සංවර්ධනය කර ඇති ශ්‍රී ලංකා රජය සතු සැළකිවයුතු වත්කම් පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා එහිදී අදහස් පළකළේය.
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රාග්ධන වෙළඳපොළේ ලැයිස්තුගත කිරීම පොදු අයිතිය සඳහා අවස්ථා සලසා දෙනවා පමණක් නොව, මෙම ව්‍යාපාර තුළට අත්‍යවශ්‍ය පාලන ක්‍රියාමාර්ග ද ගෙන ඒමට ඔහු යෝජනා කළේය.
“යම් ප්‍රමාණයක රාජ්‍ය අයිතියක් පවත්වා ගනිමින් පොදු අයිතිය පිරිනැමීම නිවැරදි පියවරක්. මෙය වැඩි අවස්ථාවන් ලබාදෙන අතර වෙළඳපොළ වර්ධනයන් වැඩිකරයි ”ඔහු පැවසීය.
ආයෝජකයාගේ දෘෂ්ටිකෝණයෙන් අදහස් දක්වමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වාදුන්නේ, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට තිබෙන්නේ සීමිත ආයෝජන අවස්ථා බවයි..
බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවර පොළී අනුපාතවලින් ඔබ්බට තම ඉතුරුම් ආයෝජනය කිරීමට පුරවැසියන්ට හැකිවන පරිදි විවිධ ආයෝජන විකල්ප අවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.
“නියාමනය කරන ලද ප්‍රාග්ධන නිෂ්පාදන පිරිනැමීමට සහ මිනිසුන් වංචා සහ පිරමිඩ යෝජනා ක්‍රමවලට හසුවීමෙන් වළක්වා ගැනීම සඳහා ප්‍රාග්ධන වෙළඳපොළ වර්ධනයන් ඉතා වැදගත්. ආයෝජන අවස්ථා හිඟකම නිසා, මිනිසුන් වංචාවලට හසුවනවා, මිනිසුන් පිරමීඩ යෝජනා ක්‍රමවලට හසුවනවා, මිනිසුන් අනවසරයෙන් තැන්පතු ලබාගැනීමේ ව්‍යාපාරවලට සම්බන්ධ වෙනවා. ඒවායෙන් මිනිසුන්ට ඔවුන්ගේ මුදල් අහිමි වෙනවා” ඔහු පෙන්වා දුන්නේය.
දැනට මූලික වශයෙන් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කරන සේවක අර්ථසාධක අරමුදල වැනි විශාල ආයතනික ආයෝජකයන් මුහුණදෙන අභියෝග පිළිබඳව ද ආචාර්ය නන්ද්ලාල් වීරසිංහ මෙහිදී අවධානය යොමුකළේය.
සේවක අර්ථසාධක (EPF) වැනි අරමුදල් සඳහා සහ ඉහළ ප්‍රතිලාභ අපේක්ෂා කරන විශ්‍රාමිකයන් සඳහා වඩා හොඳ ආයෝජන අවස්ථා සැපයීම වෙනුවෙන් ලැයිස්තුගත කර ඇති රාජ්‍ය ව්‍යවසාය ඇතුළු සමාගම් සමඟ වඩාත් විවිධාංගීකරණය වූ සහ ද්‍රවශීල ප්‍රාග්ධන වෙළෙඳපොළක් වැදගත් බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart