Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ වාහන ධාවනයේ දී දැනට පවතින කිලෝමීටරයකට රුපියල් 300ක් වන වියදම කිලෝමීටරයකට රුපියල් 100ක් දක්වා අඩුකර ගැනීමට හැකියාව ඇති බව මහජන සම්පත් කළමනාකරණය පිළිබඳ මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී තිබේ.
මෙම දත්ත අඩංගු පත්‍රිකාව ඉදිරිපත් වී තිබුණේ බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදීය.
එම කාරක සභාව නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් මාර්තු 20 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස් වී තිබිණි.
ඊට ඉදිරිපත් කෙරුණු පර්යේෂණ පත්‍රිකාවේ දැක්වෙන්නේ 2022 වසරේ සංඛ්‍යාලේඛනවලට අනුව රජයේ ආයතන සතුව ඇති වාහන 82,000න් 76,000ක් පමණ ධාවන තත්ත්වයේ පවතින අතර වාහන 5500ක් පමණ ධාවන තත්ත්වයේ නොමැති බවයි.
පර්යේෂණයට අනුව, ධාවන තත්ත්වයේ ඇති වාහනයක් කිලෝමීටර් 1ක් ධාවනය කිරීමට වැය වන මුදල ආසන්න වශයෙන් රු. 300-500ක් වේ.
රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මෙම වාහන කුලී පදනම මත හෝ බදු පදනම මත හෝ පෞද්ගලික අංශයෙන් කුලියට ගන්නේ නම් කිලෝමීටර් 1ක් රුපියල් 100කින් හෝ ඊට අඩු වියදමකින් ධාවනය කළ හැකි බව එම පර්යේෂණයෙන් හඳුනාගෙන තිබේ.
මේ අනුව, රජය සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාවලිය අනුගමනය කරන්නේ නම්, රජයේ වියදම් බිලියන 20ක් ඉතිරි කරගත හැකි බව අනාවරණය වී ඇත.
මෙම තොරතුරු සැළකිල්ලට ගත් මන්ත්‍රී කෝට්ටේගොඩ මෙම පර්යේෂණ පත්‍රිකාව හොඳින් අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත් කරන ලෙස නිර්දේශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart