Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව ඉන්දීය සංචාරකයන් සඳහා වඩාත් ඉල්ලුමක් ඇති ගමනාන්තයක් ලෙස ප්‍රයෝජන ගැනීම සඳහාත් සංචාරක ප්රවණතා යටතේ තවදුරටත් ප්රතිලාභ ලබා ගැනීම සඳහාත් රාජ්‍ය මට්ටමේ සහයෝගීතාව අවශ්‍ය බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි.
සංචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳපොළ ලෙස ඉන්දියාව අඛණ්ඩව ශක්තිමත්ව සිටීමත් සමඟ, විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීම සඳහා කෙටි කාලීන විසඳුමක් ලෙස වේගයෙන් වර්ධනය වන “වැඩි කාලසීමාවක් පිටත රැඳී සිටින” සංචාරක රටාව භාවිත කිරීම මෙරටට අත්‍යවශ්‍ය බව ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පවසයි.
ශ්‍රී ලංකාව වෙත එන ඉන්දීය සංචාරකයන් ඉහළ නැංවීම සඳහා, විශේෂයෙන් ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීමට සහ ගුවන් ගමන් වියදම් අඩු කිරීමට ක්‍රම සොයා බැලීම ඉලක්ක කරගත් දෙරට විසින්ම පිහිටුවා ගනු ලබන ඉහළ මට්ටමේ කමිටුවක් සඳහා උත්සාහ කළ යුතු බව ඔහුගේ අදහසයි.
පසුගිය සතියේ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹදී පැවති ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුව අමතමින් බාලේන්ද්‍ර සිය අදහස් පළකර තිබිණි.
“ඉන්දීය සංචාරකයින් සඳහා කොළඹ දේශීය ගමනාන්තයක් විය යුතුයි. ගමන් වියදම් සහ ගමන් පහසුව දේශීය ගමනාන්තයකට සමාන විය යුතුයි,” බාලේන්ද්‍ර පැවසීය.
ඔක්තෝබර් මාසයෙන් අවසන් වන වසරේ මුල් මාස 10 තුළ සංචාරක පැමිණීම් අතින් ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉහළම දායකත්වය ලබා දී ඇත.
අසල්වැසි ඉන්දියාවෙන් දිවයිනට සංචාරකයන් 228,532ක් දායක කර ඇති අතර එය වසරේ මේ දක්වා වසර පැමිණි මුළු සංචාරකයන්ගෙන් සියයට 20ක් නියෝජනය කරයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සම්පාදනය කරන ලද සහ විශ්ලේෂණය කරන ලද දත්තවලට අනුව, මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ගෙන් සියයට 65කට වැඩි ප්‍රමාණයක් සඳහා මූලික හේතුව වී ඇත්තේ විනෝද ගමන්ය.
ආගමික කටයුතු සඳහා සහ පවුලේ අය සහ ඥාතීන් බැලීමටද දිවයිනට පැමිණි පිරිස ඒ අතර වෙති.
2023 වසර අවසන් වන විට අවම වශයෙන් ඉන්දියාවෙන් සංචාරකයින් 264,823ක් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.
2018දී ඉන්දියාවෙන් සංචාරකයින් 424, 887ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර 2022 දී ඉන්දියාවෙන් පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව123, 004කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart