February 10, 2025

සහල් මාෆියාව මැඩලීමට රජය ගන්නා ක්‍රියාමාර්ග හමුවේ මේ වසරේ අගභාගයේදී සහ ලබන වසරේ මුල් භාගයේදී සහල් මිල පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“සහල් මාෆියාව සක්‍රීය වන්නේ ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වායි. එම කාලය තුළ සහල් හිඟයක් ඇති වෙනවා. පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට රජය මැදිහත් විය යුත්තේ එවිටයි” යනුවෙන් ඔහු සඳහන් කරයි.

මෙම කාලසීමාව තුළ මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා උපායමාර්ගිකව සහල් තොග රඳවාගෙන සිටි බව ද ඔහු හෙළිදරව් කළේය.

මිල හැසිරවීම වැළැක්වීමට සහ ගොවීන් සහ පාරිභෝගිකයන් යන දෙඅංශයෙන්ම ආරක්ෂා කිරීමට රජයේ සැලසුම් පිළිබඳව ද පැහැදිළි කරමින් ඔහු පවසන්නේ, මෙම කාලසීමාව තුළ, තරඟකරුවන්ට උපරිම සිල්ලර මිලට වඩා මිල ඉහළ නැංවීමට නොහැකි වීම සහතික කරමින්, රජය උපරිම සිල්ලර මිලට වඩා අඩුවෙන් සහල් අලෙවි කරන බවයි.

මෑත කාලීන ආනයනයන් සහ අඛණ්ඩ අස්වැන්න පැවතියද, වෙළඳපොලේ සහල් මිල ඉහළ මට්ටමක පවතින්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසා ඇත්තේ, තවදුරටත් සහල් මිල අඩු කිරීම සඳහා වී මිල අඩු කිරීමට සිදුවනු ඇති බවයි. එයින් ගොවීන් පීඩාවට පත්වන බව ද ඔහු පෙන්වාදී තිබේ.

“අපි දැනටමත් වී මිල රුපියල් 105 සිට රුපියල් 120 දක්වා වැඩි කරලා තියෙනවා” ඔහු පැහැදිලි කරයි.

රෙගුලාසි නොතකා ඇතැම් වෙළෙන්දන් සහල්, වෙළෙඳපොළ මිලට වඩා වැඩියෙන් අලෙවි කරන බවද ඇමැති කරුණාරත්න සඳහන් කරයි.

42.31%
17.27%
32.76%