March 4, 2025

වැටුප් සහ දීමනා විශාල ප්‍රමාණයකින් වැඩිකිරීමට රජය පියවර ගෙන තිබියදීත් ජනතාව අපහසුතාවට පත්කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවට සිදුකරන තර්ජන අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

දීමනා සම්බන්ධයෙන් පවතින ගැටළු මතුකරමින් හෙට දිනයේදී දීපව්‍යාප්ත වැඩවර්ජනයක් සිදුකරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.