
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) අරමුදල් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක, රජය ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, පැවසුවේ ශ්‍රී ලංකාවේ USAID අරමුදල් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමන් කටයුතු කරන බවත්, ඒ සඳහා තම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත්ය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද පරිපාලනය අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ලබාදෙන විදේශ ආධාර සඳහා දින 90 ක අත්හිටුවීමක් නිවේදනය කළේය.
පසුගිය වසර කිහිපය තුළ යුක්රේනයට ලබාදුන් නොමසුරු සහයෝගය පසෙකට දමා, එක්සත් ජනපදය වාර්ෂිකව විදේශ ආධාර සඳහා ඩොලර් බිලියන 40ක් පමණ වැය කරයි.
එය එක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයක දළ දේශීය නිෂ්පාදිතයට වඩා වැඩිවන අතර ගෝලීය මානුෂීය ආධාරවල සෑම ඩොලර් 10න් හතරක්ම වේ.
අමෙරිකාවේ මෙම තීරණයෙන් පසු, රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සංවිධාන විසින් ක්‍රියාත්මක කරන ලද රුපියල් බිලියන 21 ක ව්‍යාපෘති අවසන් විය.
කෙසේවෙතත්, රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙන් පිටත ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන හරහා වියදම් කරන ලද මුදල් පිළිබඳ නිල වාර්තාවක් නොමැත.
ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති ක්‍රියාකාරී රාජ්‍ය නොවන සංවිධාන 625 ක් ඇත. ඊට අමතරව, සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති තවත් බොහෝ රාජ්‍ය නොවන සංවිධාන තිබේ.
2023 දී ශ්‍රී ලංකාවේ පොහොර අර්බුදය විසඳීම සඳහා එක්සත් ජනපද රජය USAID හරහා ආහාර හා කෘෂිකර්ම සංවිධානය(FAO) වෙත ඇමරිකානු ඩොලර් මිලියන 46 ක් ලබාදී ඇත.
ආර්ථික අර්බුදය අතරතුර එය මානුෂීය ආධාර ද ලබාදුන්නේය.
කෙසේවෙතත්, LGBTQ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් පළවාහැරීම වැනි ව්‍යාපෘති සඳහා ද ව්‍යාපෘති අරමුදල් ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එවැනි චෝදනා සම්බන්ධයෙන් විවිධ දේශපාලන කණ්ඩායම් USAID ට එරෙහිව සටන් වදිති.
‘ශ්‍රී ලංකාව බෙදීමට එරෙහි සන්ධානය’ නම් සංවිධානය නමින් එම කණ්ඩායම් විරෝධතා මෙහෙයවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart