Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන ආනයනයට යළි අවසර ලබාදීම යටතේ ඔක්තෝබර් මාසයේ සිට කාර්මික සහ බර වාහන ආනයනයට අවසර දීමට රජය තීරණය කර තිබේ.
ඒ, ලබන වසර මුලදී එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා වූ පූර්ව යෝජනාව ඉදිරියට ගෙන එමිනි.
කාර්මික හා බර වාහන ආනයනය සඳහා අවසර ලබාදීමෙන් පසු ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.
අවසර ලබා දෙන මීළඟ කාණ්ඩය වන්නේ විශේෂිත c.i.f අගයක් යටතේ වන කුඩා මෝටර් රථ වේ.
සුඛෝපභෝගී සහ අධි සුඛෝපබෝගී වාහන අවසර දෙනු ලබන අවසාන කාණ්ඩය වේ.
මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන්නේ මෙම යෝජනා ක්‍රමය යටතේ විදුලි වාහන ආනයනයට ප්‍රමුඛත්වය දීම රජයේ ප්‍රතිපත්තිය වනු ඇති බවයි.
විදේශ සංචිතයට අනුව වසරක් තුළ ආනයනය කළ යුතු උපරිම වාහන සංඛ්‍යාව පිළිබඳ රජය මහ බැංකුවේ උපදෙස් ලබා ගැනීමට නියමිතය.
කෙසේවෙතත්, රාජ්‍ය අංශයේ සේවකයන්ට තීරුබදු රහිත යෝජනා ක්‍රම යටතේ වාහන ආනයනය කිරීමට අවසර දීම සම්බන්ධයෙන් රජය වහාම සළකා බලනු නොලබන බව වාර්තා වේ.
තීරුබදු රහිත ආනයනයෙන් ලැබුණු ආදායම අවම මට්ටමක පැවතීම නිසා මෙම තීරණය ප්‍රමාද වී ඇත.
තවත් නිර්ණායකයක් වනුයේ නවතම වාහන හෝ වසර දෙකක් ඇතුළත නිෂ්පාදනය කරන ලද වාහන පමණක් ආනයනය කිරීමට අවසර දීමයි.
එහිදී, දේශීය වශයෙන් වාහන එකලස් කිරීම දිරිමත් කිරීම සඳහා, අගය එකතු කිරීම සියයට 45 දක්වා වැඩි කළහොත් දිරිගැන්වීම් පිරිනැමීමට රජය තීරණය කර ඇත.
දැනට සිදු කෙරෙන අගය එකතු කිරීම සියයට 30ක් පමණ වේ.
රාජ්‍ය ඇමැති සියඹලාපිටිය ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීමට සම්බන්ධ සමාගම් 20ක පමණ නියෝජිතයන් හමු වී තිබේ.
ආනයනයට අවසර දීම තම ව්‍යාපාරවලට බලපානු ඇතැයි ඔවුන් කණස්සල්ල පළ කර ඇත.
පසුගිය වසරේ වාහන 6,000කට වැඩි ප්‍රමාණයක් සහ යතුරුපැදි 36,000ක් ශ්‍රී ලංකාව තුළ එකලස් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart