Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේග ආණ්ඩුව ශ්‍රී ලාංකිකයන්ගෙන් එකක් මිස සිංහල, මුස්ලිම් හෝ දෙමළ ආණ්ඩුවක් නොවන බව ප්‍රකාශ කරමින්, අමාත්‍ය බිමල් රත්නායක විසින් අලුතින් පත් කරන ලද කැබිනට් මණ්ඩලයේ සංයුතිය සාධාරණිකරණය කර ඇත.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක කියාසිටියේ එය අසාධාරණ විවේචනයක් වන අතර එය ජාතික ජන බලවේගයේ ජනවරමට අපහාස කිරීමක් බවයි.
වසර 76කට පසු සියලු ජන කොටස් තම ආගමික හා සංස්කෘතික භේද අමතක කර එකම ජාතියක් ලෙස බහුතර ආණ්ඩුවක් පත්කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙය බව ඔහු පෙන්වාදෙයි.
ජාතික ජන බලවේග ආණ්ඩුව කිසිදු ප්‍රජාවකට ඔවුන්ගේ ආගමික හෝ සංස්කෘතික වත්පිළිවෙත් මත වෙනස් කොට සැලකීමක් සිදුනොකරන බව අවධාරණය කළ රත්නායක අමාත්‍යවරයා, එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බවත් පැවසීය.
අමාත්‍ය මණ්ඩලයේ මුස්ලිම් සාමාජිකයන් නොමැතිවීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳව අමාත්‍ය රත්නායක කියාසිටියේ මුස්ලිම්, මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු වෙනත් ජන කොටස්වලින් මහජන ඡන්දයෙන් තේරී පත් වූ බවයි.
“කල්මුණේ, සම්මන්තුරේ, උතුරු පළාත, නුවරඑළිය අපි දිනුවා. ප්‍රථම වතාවට මාතර මුස්ලිම් මන්ත්‍රීවරයෙක් පත්වුණා. ප්‍රථම වතාවට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් මන්ත්‍රීවරයෙකු ජයග්‍රහණය කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙත් ඒ වගේ. මහනුවර දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් මන්ත්‍රීවරු දෙදෙනෙක් ඉන්නවා. මින් පෙර කිසි දිනක මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඡන්දය නොදුන් දිස්ත්‍රික්කවලින් මුස්ලිම් මන්ත්‍රීවරුන් පත්වී ඇති බව පැහැදිලියි. දිගාමඩුල්ල, සම්මන්තුරේ, කල්මුණේ සහ අක්කරෙයිපත්තුවේ ඒ ආසනවලින් සිංහල මන්ත්‍රීවරු පත්වුණා.” ඔහු පැහැදිලි කරයි.
ජාතික ජන බලවේග ආණ්ඩුව වාර්ගික හෝ ප්‍රජා වෙන්කිරීම් කිසිසේත් පිළිනොගන්නා බව ඔහු අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart