
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එන්ජින් ධාරිතාව 201 සිට 450 දක්වා කාණ්ඩයට අයත් යතුරුපැදි 296 ක් ලියාපදිංචි කිරීම සඳහා නියමිත ගාස්තු අයනොකිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 78.15 ක පාඩුවක් සිදුවී ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
කැබිනට් අනුමැතිය සහ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය නීතිමය ලියකියවිලි නොමැතිව යතුරුපැදි 3,088 ක් ලියාපදිංචි කර ඇති බව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභා (COPA) රැස්වීමේදී අනාවරණය වී තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 සහ 2023 සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තා සහ එහි වත්මන් ක්‍රියාකාරිත්වය කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.
නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද වාහනවල එන්ජින් සහ චැසි අංක කලින් ලියාපදිංචි කළ වාහන අංකවලට ඇතුළත් කර නිකුත් කරන ලද වංචනික වාහන ලියාපදිංචි සහතික පිළිබඳව ද කෝපා කමිටුවේ අවධානයට යොමුව තිබේ.
මෙමගින් රජයට රුපියල් බිලියන 1.2 ක පාඩුවක් සිදුවී ඇති බව අනාවරණය විය.
මීට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් භාවිතයට නොගත් හිස් ලියාපදිංචි අංක සඳහා වාහන ලියාපදිංචි සහතික වංචනික ලෙස නිකුත් කිරීම පිළිබඳව කමිටුව විසින් පරීක්ෂා කරන ලද අතර, එමඟින් රජයට රුපියල් මිලියන 6.2 ක පාඩුවක් සිදුව ඇත.
එපමණක් නොව, රාජ්‍යතාන්ත්‍රික වාහන ලියාපදිංචි අංක වෙනත් වාහන ලියාපදිංචි කිරීම සඳහා අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් රුපියල් මිලියන 122ක මූල්‍යමය අලාභයක් සිදුවී තිබේ.
මෙම කරුණු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම විගණකාධිපතිවරයා අවධාරණය කර ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුවී ඇති දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණයකින් පසුව, වගකිවයුතු සියලුම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, මෙම ක්‍රියාමාර්ගවල ප්‍රගතිය මාසිකව සමාලෝචනය කරන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබේ.
“සිදුවී ඇති ඕනෑම අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ නීතිමය බලධාරීන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නිර්දේශ කරන ලදී” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart