Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්රතිලාභ කප්පාදු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ව්‍යවස්ථාමය කරුණක් බාධාවක් වන බව, ඒ පිළිබඳව සොයාබැලීමට පත්කළ කමිටුවේ නිරීක්ෂණ උපුටා දක්වමින් තතුදත් ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.
පසුගිය වසරේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ දී පොරොන්දු වූ පරිදි වත්මන් ආණ්ඩුව රටේ වියදම් පාලනය කිරීමට දරන උත්සාහයේ දී මන්ත්‍රීවරුන්ගේ සහ හිටපු රාජ්‍ය නායකයන්ගේ වරප්‍රසාද සහ ප්රතිලාභ කප්පාදු කිරීමේ හැකියාව සොයාබැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කමිටුවක් පත්කළේය.
කෙසේවෙතත් හිටපු රාජ්‍ය නායකයන්ගේ විශ්‍රාම වැටුප් වැනි සමහර ප්රතිලාභ ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපාහැරීමට හෝ අහෝසි කිරීමට නොහැකි බව කමිටුව අනාවරණ කර ගෙන ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 (2) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, “ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම ධූර දරන තැනැත්තාට පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන වැටුප් හා දීමනා සහ ඉන් අනතුරුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇත්තේය.” යනුවෙනි.
මෙම ව්‍යවස්ථාවෙහි යම් පසුකාලීන සංශෝධනයක්, අවලංගු කිරීමක් හෝ ප්‍රතිස්ථාපනයක් සහ මෙම වගන්තියට නොගැලපෙන යම් නීතියක් හෝ එහි යම් විධිවිධානයක් ප්‍රත්‍යාවර්තී ක්‍රියාකාරිත්වයක් නොතිබිය යුතුය.
එනම්, ආණ්ඩුවට ප්‍රත්‍යාවර්තී බලාත්මක පනතක් ගෙන ඒමේ අසීරුතාවක් පවතී.
ඊට අමතරව ජනාධිපති හිමිකම් පනතට අනුව හිටපු ජනාධිපතිවරයකුට සුදුසු නිවාසයක් ද කුලී රහිතව ලබාදිය යුතුයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනට වෙන්කර ඇති නිවසේ කුලී වටිනාකම රජයේ තක්සේරුව අනුව රුපියල් ලක්ෂ 46ක් බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.
එය රට තුළ දේශපාලන සංවාදයක් ඇති කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය කළ අදහස් විමසීමේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියාසිටියේ හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් වැනි සමහර ප්රතිලාභ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වහාම කප්පාදු කළ නොහැකි බවයි.
ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බවද ඔහු පැවසීය.
කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවකට එවැනි බාධාවක් නොමැති බව ඔහු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart