January 28, 2024

රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ගැටලුවලට විසදුම් ලබාදීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව රජයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වැටුප් විෂමතාව හා තෝරාගත් ක්ෂේත්‍රයන්ට පමණක් වැටුප් හා දීමනා ලබාදීමට ක්‍රියා කිරීම හේතුවෙන් ඇති වන අසාධාරණය යන කරුණු මුල් කර ගනිමින් හෙට දින (29 වැනි සඳුදා) විධායක නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමට එම කමිටුව තීරණය කර ඇත.

එදිනම, කොළඹදී විරෝධතා රැස්වීමක් ද පැවැත්වීමට ඔවුන් සැලසුම් කර තිබේ.

42.31%
17.27%
32.76%