December 31, 2024

ආනයන ක්‍රියාවලිය යටතේ මේවනවිට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 77 ක් රටට ලැබී ඇති බවත්, තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 11 ක් පමණ වරායේ පවතින බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස අනාවරණය කළේය.

එම සහල් තොග කඩිනමින් නිදහස් කරන බවත්, ඒවා බෙදාහැරීම පෞද්ගලික අංශය හරහා සිදුවන බැවින් යම් යම් ගැටළු පැවතිය හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කරන ලද්දේ, රට තුළැ පවතින රතු කැකුළු සහල් හිඟය ද ඉතා කෙටිකාලයක් තුළ විසඳිය හැකි බවයි.

සහල් ආනයනය කළ ද ජනවාරි මාසයේ මැද වනවිට දේශීය ගොවියාගේ සහල් වෙළඳපොළට ලැබෙනු ඇති බවත්, රජය ඒ සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන බවත්, රට තුළ සහල් මිල පවත්වාගන්නේ දේශීය ගොවියාට හානියක් නොවන පරිදි බව ද අමාත්‍යවරයා පැවැසීය.

ඔඩපණ ණය පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ ද මීලඟ කන්නයෙ ගොවියාගේ වී මිලදී ගැනීමට රජයට සැලැස්මක් ඇති නිසා බව ද අමාත්‍යවරයා පැවසුවේය.

මේ අතර බියර් නිෂ්පාදනය සඳහා ආනයනික සහල් තොග විකිණෙන බවක් පිළිබඳව තොරතුරු වාර්තාවී නොමැති බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

42.31%
17.27%
32.76%