September 3, 2024

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් මෙම පියවර ගෙන ඇති බවයි.

ගොවි ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.