Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වසරේ සිට, රජයේ විශ්වවිද්‍යාලයක උපාධි ලබන ඕනෑම සිසුවකුට රජය ආයෝජනය කරන මුළු මුදලම සෘජුවම ශිෂ්‍යත්වයක් ලෙස ලබාදීමට රජය පියවර ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන් පැවැසීය.
එමඟින් ඕනෑම සිසුවකුට තමන්ට කැමති විශ්වවිද්‍යාලයක් තෝරාගැනීමේ හැකියාව ලැබෙන බවද හෙතෙම පෙන්වාදුන්නේය.
ලබන වසර අවසන් වන විට මෙරට සියලුම විශ්වවිද්‍යාල සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරයකුද පත්කිරීමට නියමිත බවද උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
හෙතෙම මේ බව සඳහන් කරන ලද්දේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
රාජ්‍ය ඇමැතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
“පුරවැසියා බලගැන්වීම සඳහා 2025 වසරේ සිට, රජයේ විශ්වවිද්‍යාලයක උපාධි ලබන ඕනෑම සිසුවකුට රජය ආයෝජනය කරන මුළු මුදලම සෘජුවම ශිෂ්‍යත්වයක් ලෙස ලබා දීමට ද අප පියවර ගන්නවා. එමඟින් ඕනෑම සිසුවකුට තමන්ට කැමති විශ්වවිද්‍යාලයක් තෝරාගැනීමේ හැකියාව ද ලැබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම යටතේ, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ තීරණාත්මක වෙනසක් ඇති වෙන බවට අපට විශ්වාසයි.
ශ්‍රි ලංකාවේ ඉගෙනගන්නා ක්‍රමය මෙන්ම උගන්වන ක්‍රමය යන ද්විත්වයම වෙනස් විය යුතුයි. ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් 2024 වර්ෂය සඳහා රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා. උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් ලබාදීමට කටයුතු කරනවා.
ඒ වගේම ලබන වසර අවසන් වන විට සියලුම සරසවි සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත්කිරීමට නියමිතයි. විශ්වවිද්‍යාලවල පරිපාලන ක්‍රියාවලිය ශක්තිමක් කිරීම එහි අරමුණ වනවා. එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකල හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart