March 1, 2025

රජය විසින් යෝජනා කරන ලද නව කොමිස් සූත්‍රය පිළිගැනීම ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රට පුරා ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් නිර්මාණය වී තිබේ.

කෙසේවෙතත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත සහතික වූයේ රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවයි.

ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් කෘත්‍රිම අර්බුදයක් ඇති කිරීමට උත්සාහ කරන බව අද (1) පාර්ලිමේන්තුව අමතමින් ඔහු ප්‍රකාශ කළේය.

මෙහෙයුම් පිරිවැය පිළිබඳ ඉන්ධන පිරවුම්හල් හිමියන් කනස්සල්ල පළ කර ඇති අතර කොමිස් ව්‍යුහය සංශෝධනය කරන ලෙස ඉල්ලා තිබේ.