December 15, 2024

මෙරට දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර 750,000 ලබන වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේ අවසන් වීමට නියමිත බැවින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම තොග නැවත පිරවීම සඳහා හොඳම ආකාරය යෝජනා කිරීමට විශේෂඥ කමිටුවකට පැවරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රශ්නය දැන් ‘සැබෑ පටලැවිල්ලක්’ වී ඇති අතර එමඟින් නව ටෙන්ඩරයක් කැඳවීම පවා ගැටලු සහගත බව මහජන ආරක්‍ෂක ඇමැති ආනන්ද විජේපාල ද පිළිගෙන තිබේ.

ePassports සඳහා වූ අවසන් ටෙන්ඩරයේ ප්‍රතිඵලය එය අහිමි වූ සමාගම විසින් අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර ඇත.

“මෙම කාරණය අධිකරණය හමුවේ පවතින බැවින් එම සැපයුම්කරුගෙන්ම තවත් තොගයක් ලබා ගත හැකිද යන්න ප්‍රශ්නයක්,” යනුවෙන් ඔහු පැහැදිලි කර තිබේ.

පෙනෙන විකල්පය නම් අලුත් ටෙන්ඩරයකට යෑම වුවද එය ද ගැටලු මතු කරනු ඇත්තේ තවත් නව කාණ්ඩයක් එක්වනු ඇති බැවිනි.

ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍ර දැනට P කාණ්ඩයේ සිටින අතර මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පමණ N කාණ්ඩය ක්‍රමයෙන් ඉවත් කර ඇත.

ඇමැති විජේපාල පෙන්වා දෙන්නේ නව කාණ්ඩයක් මගින් අන්තර්ජාතික දේශසීමා පාලනය සම්බන්ධයෙන් ගැටලු මතු විය හැකි බවයි.

රටකට තම විදේශ ගමන් බලපත්‍රය නිතරම වෙනස් කළ නොහැකි වීම ඊට හේතුවයි.

පසුගිය සති කිහිපය පුරා රැස්වීම් කිහිපයක් පැවැත්වුණු අතර, ඇතැම් රැස්වීම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්විණි.

ප්‍රශ්නය බරපතළ සහ හදිසි කාරණයක් ලෙස සළකන බවද ඇමැතිවරයා පවසයි.

එහෙත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නියම කරන ලද විසඳුම්වලට අවනත වීමට රජය මැලිකමක් දැක්වූයේ ඔවුන් අභියාචනාධිකරණ නඩුවේ විත්තිකරුවකු වූ නිසාය.

“එබැවින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මේ පිළිබඳ සමාලෝචනය කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීමට ස්වාධීන විද්වත් කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අපි තීරණය කර තිබෙනවා,” යනුවෙන් ඔහු පවසා තිබේ.

ඉතිරිව ඇත්තේ මාස හතක් පමණක් බැවින් රජය ප්‍රමාද නොවනු ඇත.

එම යෝජනාව මීළඟ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට ඉඩ ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට මිලදී ගත් යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර (MRPs) හි ‘හදිසි’ කාණ්ඩය භාවිත කරමින් ePassport ටෙන්ඩරය නිසා ඇති වූ ගමන් බලපත්‍ර හිඟය විසඳීම සඳහා මිලදී ගෙන ඇත.

එම ගමන් බලපත්‍ර 750,000ක තොගය තේල්ස් වෙතින් වාරික වශයෙන් පැමිණේ.

තේල්ස් මේ වසරේ ජූලි මාසයේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පළමු ePassport ටෙන්ඩරය දිනා ගත්තේය.

නමුත් එපික් සමාගම අභියාචනාධිකරණයේදී එය අභියෝගයට ලක්කර තිබේ.

සැප්තැම්බර් මාසයේදී අභියාචනාධිකරණය මෙම රිට් පෙත්සම සළකා බලන තෙක් යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ සහ ePassport යන දෙකම මිලදී ගැනීම නවතා දැමීමේ වාරණ නියෝගයක් ලබා දුන්නේය.

නමුත් ඔක්තෝබර් මාසයේදී, රට මුහුණ දී ඇති වත්මන් අර්බුදය ජය ගැනීම සඳහා, ශ්‍රී ලංකා රජයේ තීරණය අනුව සුදුසු සැපයුම්කරුවකුගෙන් යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ මිලදී ගැනීමට එවක රජයට සහ ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට ඉඩ දෙමින් අධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

දැනට, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් දෛනික නිකුතුව 2,000ක් පමණ දක්වා පාලනය කර තිබේ.

දැනට පවතින නිකුත් කිරීමේ අනුපාතය පවත්වා ගෙන යන්නේ නම්, පවතින තොග සැප්තැම්බර් පමණ දක්වා දිගු කළ හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.

42.31%
17.27%
32.76%