Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ Adani Green Energy සමාගම විසින් මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ සිදු කරන සුළං බලාගාර ව්‍යාපෘතියට අදාළ කරුණු නැවත සළකා බැලීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බව නීතිපතිවරයාශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.
මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශයේ සුළං බලාගාර ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ Adani Green Energy සමාගමට ලබාදී ඇති කැබිනට් අනුමැතිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා අධිකරණයට දන්වා සිටියේ අදාළ කරුණු 2024 නොවැම්බර් 07 වැනිදා යළි සළකා බලා එය තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බවයි.
තවද, වත්මන් අතුරු ඇමැති මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇති බවත් ඉදිරි මහ මැතිවරණයෙන් පසු පත් කරන නව ඇමැති මණ්ඩලය විසින් අවසන් තීරණය දැනුම් දීමට දිනයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
එතෙක් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පවතින ස්ථාවරය එලෙසම පවත්වාගෙන යන බවද ඇය දැනුම් දුන්නාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ කරුණුවලට එකඟ වූ පෙත්සම්කාර පාර්ශ්වය නව රජය පිහිටුවීමත් සමඟ නඩුවේ වගඋත්තරකරුවන් වෙනස් කර ඇති බැවින් අදාළ පෙත්සම් ප්‍රතිශෝධනය කිරීමට අවසර දෙන ලෙස විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.
එම පෙත්සම් සංශෝධන කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ කටයුතුවලට අදාළව රජයේ යම් නිරීක්ෂණයක් ඇත්නම් 2025 ජනවාරි 31 වැනිදාට පෙර ගොනු කරන ලෙසද නියෝග කළේය.
පසුව එම පෙත්සම් 2025 මාර්තු 18 සහ 19 යන දිනවල කරුණු සළකා බැලීම සඳහා යළි කැඳවීමට නියම කෙරිණි.
යෝජිත සුළං බලාගාරය පාරිසරික ජෛව විවිධත්වයට සහ සංක්‍රමණික පක්ෂීන්ගේ ආරක්ෂාවට සැළකිව යුතු තර්ජනයක් එල්ල කරන බවට තර්ක කරමින් Adani සමාගමේ සුළං බල ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව පහක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 5 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු 02 වැනි දින නියම කළේය.
සීමිත විරෝධතා ඇත්නම් අගෝස්තු 20 වැනිදාට පෙර ගොනු කරන ලෙසද ඒවාට අදාළ ප්‍රතිවිරෝධතා ඇත්නම් සැප්තැම්බර් 13 වැනිදාට පෙර ගොනු කරන ලෙසද පෙත්සම්වල නම් කර ඇති වගඋත්තරකරුවන්ට අධිකරණය නියෝග කළේය.
පසුව සැප්තැම්බර් මාසයේදී ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයෙන් තේරී පත් වුවහොත් ශ්‍රී ලංකාවේ Adani සමූහයේ සුළං බල ව්‍යාපෘතිය අවලංගු කරන බවට ප්‍රතිඥා දී ඇති බව ඉන්දීය ප්‍රවෘත්ති වාර්තාවක දැක්වේ.
එසේ වුවද, ශ්‍රී ලංකාවේ නව රජය පසුව ප්‍රකාශ කළේ Adan සමූහ ව්‍යාපාරය සමඟ ඇති ගනුදෙනුව සමාලෝචනය කරන බවයි.
සීමාසහිත Adani Green Energy හි ව්‍යාපෘති සඳහා පසුගිය පාලනාධිකාරිය විසින් විදුලි මිල අනුමත කිරීම ගැටලුසහගත බව විදේශ ඇමැති විජිත හේරත් කැබිනට් ඇමැතිවරුන්ගේ රැස්වීමෙන් පසුව වාර්තාකරුවන්ට පැවසීය.
නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු නව රජය මෙම ගනුදෙනුවට නැවුම් පෙනුමක් ලබා දෙන බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වෛරීභාවයට තර්ජනයක් ලෙස හැඳින්වූ සහ එය අවලංගු කිරීමට ප්‍රතිඥා දුන් අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ප්‍රචාරක ප්‍රතිඥාවක් මත Adani ගනුදෙනුව නැවත තක්සේරු කිරීමේ පියවර අනුගමනය කරයි.
පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ප්‍රධාන ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ නොගන්නා බවද හේරත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart