Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් පත්කිරීමේදී සිදු වූ අඩුපාඩුකම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය නවතම කෘතියෙන් පිළිගෙන තිබේ.
විශේෂයෙන්ම කාබනික ගොවිතැන් ව්‍යාපාරයේ අසාර්ථක වීම් කිහිපයක් මෙන්ම ඔහුගේම පාලනය යටතේ ජාතික ආරක්ෂක යාන්ත්‍රණයේ අසාර්ථකවීම්ද ඊයේ දිනයේ එළිදක්වන ලද ‘කුමන්ත්‍රණය’ කෘතියෙන් ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දී ඇත.
“වසර ගණනාවක් සේවය කළ දීර්ඝ අත්දැකීම් ඇති නිලධාරීන් නීතිය හා සාමය සහ ආරක්ෂක අංශවල වැදගත්ම තනතුරුවලට මම පත් කළා. මා විසින් සිදු කරන ලද ස්ථානගත කිරීම්වල යම් ව්‍යුහාත්මක දුර්වලතා වසංගතය අතරතුරදී ත්‍රිවිධ හමුදාව ආපදා සහන මෙහෙයුම්වල නිරතව සිටියදී පෙන්වුයේ නැහැ. පසුව පැහැදිලිවම එම ආරක්ෂක ආයතනයේ අණ සහ පාලන ව්‍යුහයේ ගැටලු ඇතිවුණා. ඒත් ඒ වෙනකොට මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ප්‍රමාද වැඩියි.” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.
ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කළ කමල් ගුණරත්න සහ එවක යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා යන ප්‍රධානීන් දෙදෙනා අතර ‘ජ්‍යෙෂ්ඨත්වයේ පරතරයක්’ නොමැතිවීම ජාතික ආරක්ෂාවට අහිතකර වූ බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
“ඔවුන් දෙදෙනාම යුද සමයේදී සේනාංකාධිපතිවරුන්ව සිටියා, අඩු වැඩි වශයෙන් දෙදෙනාම මා හමු වී තිබෙනවා. ඒ දෙන්නට දෙන්නා හොඳින් සිටියාද කියලා සැකයි.”යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
යුද හමුදාපතිවරයා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ උපදෙස් නොතකා කටයුතු කර ඇති බවටත් ඇතැම් අවස්ථාවලදී යුද හමුදාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා එකිනෙකාට විරුද්ධව කටයුතු කළ බවටත් ඔහු චෝදනා කරයි.
වරක් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමන් සතුව තිබූ සන්නද්ධ සේවා පාලනය කමල් ගුණරත්නට නොතිබෙන්නට ඇතැයි ද ඔහු ප්‍රකාශ කර තිබේ.
ජාතික ආරක්ෂාව සහ රණවිරුවකු ලෙස ඔහුගේ තත්ත්වය මත ගොඩනැගුණු ජනාධිපතිවරණ ව්‍යාපාරයට හාත්පසින්ම වෙනස්ව, තමන් රටින් පළායෑමට තුඩු දුන් මහජන විරෝධතා පාලනය කිරීමේදී ආරක්ෂක යන්ත්‍රයේ ඇති වූ විවිධ අසාර්ථකත්වයන් පිළිබඳව ද ගෝඨාභය රාජපක්ෂ සිය කෘතියෙන් සිහිපත් කරයි.
ඊට එක් හේතුවක් ලෙස ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙන්නේ ආරක්ෂක ලේකම්වරයාට සහ යුද හමුදාපතිවරයාට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ල වී තිබීම නිසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් දෙදෙනාට නොහැකි වූ බවයි.
මෙම තත්ත්වයන් නිසා ශවේන්ද්‍ර සිල්වාගේ දියණියට අමෙරිකාවට යෑමට නොහැකි වීම ‘පැහැදිලිවම’ ජෙනරාල්වරයාට මානසික බලපෑමක් ඇති කළ බව ද රාජපක්ෂ සිය කෘතියෙන් සඳහන් කරයි.
විදේශ තානාපතිවරුන් හමුදා ස්ථාන වෙත පැමිණීම නතර කළ යුතු බවත් සන්නද්ධ සේවාවන්හි අන්තර් ක්‍රියා නිරීක්ෂණය කිරීම සඳහා දැඩි ක්‍රමවේද හඳුන්වා දිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
තමන් නෙරපාහැරීම විශාල අන්තර්ජාතික කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බව ප්‍රකාශ කරන ඔහු බුද්ධි අංශවල අසාර්ථකත්වය ද ඔහු නෙරපා හැරීම වැළැක්වීමට නොහැකිවීමේ ප්‍රධාන සාධකයක් බව ප්‍රකාශ කර තිබේ.
“වසංගතයට සම්බන්ධ රාජකාරිවලදී බුද්ධි සේවා හොඳින් ක්‍රියා කළා. සමාජ මාධ්‍යවල දේශපාලනිකව අභිප්‍රේණය වූ මැර කල්ලි ගොඩ නැගීම සම්බන්ධයෙන් ඔවුන්ට සම්පූර්ණයෙන්ම මගහැරී තිබුණා” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
නවක දේශපාලකයකුවීම සම්බන්ධයෙන් තමන්ට ඇති වූ කලකිරීම් කිහිපයක් ද හිටපු ජනාධිපතිවරයා සිය කෘතියෙන් ප්‍රකාශ කර ඇත්තේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බලවත් අමාත්‍යාංශවලට පත්කිරීමේදී තමන්ට මුහුණදීමට සිදුවූ උභතෝකෝටික ප්‍රශ්න ගැන ද විස්තරාත්මකව සඳහන් කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart