February 15, 2024

ඉන්ධන සහ ගෑස් දහනයෙන් මතුවන දේශගුණය උණුසුම් කිරීමේ විමෝචන ප්‍රභවයන් නව චන්ද්‍රිකාවක් මගින් අභ්‍යවකාශයේ සිට අනාවරණ කර ගන්නා හවුල්කාරිත්වයක් ගූගල් පාරිසරික කණ්ඩායම සහ පාරිසරික ආරක්ෂක අරමුදල එකාබද්ධව එළිදක්වන ලදී.

ඒ අනුව ලොව පුරා මීතේන් විමෝචනය නිරීක්ෂණය කිරීම සඳහා යොදවනු ලබන චන්ද්‍රිකා කිහිපයකින් එකක් ලෙස මීතේන්සැට්(MethaneSAT) ලබන මාසයේ දියත් කරනු ඇත.

එය EDF ආයතනයේ , නවසීලන්ත අභ්‍යවකාශ ඒජන්සියේ, හාවඩ් විශ්වවිද්‍යාලයේ සහ තවත් පාර්ශ්ව විසින් මෙහෙයවන හවුල්කාරීත්වයකි.

චන්ද්‍රිකාවේ දත්ත මෙම වසර අගදී ලබා ගත හැකි අතර Google Cloud මඟින් එහි තොරතුරු සැකසීමට පරිගණක හැකියාව ලබා දෙනු ඇත.

තෙල් ටැංකි වැනි සංරචක හඳුනාගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් ඒ පිළිබඳ සිතියමක් නිර්මාණය කරන බව ගූගල් ප්‍රකාශ කළේය.

විමෝචනය පිළිබඳ MethaneSATහි දත්ත Google සිතියම සමඟ ආවරණය කරනු ලබන්නේ කුමන වර්ගයේ තෙල් සහ ගෑස් උපකරණ මගින් වැඩිපුර කාන්දුවීම් වන්නේද යන්න තේරුම් ගැනීම වෙනුවෙනි.

භූගෝලීය විශ්ලේෂණ වේදිකාවක් වන Google Earth Engine හරහා එම දත්ත මෙම වසර අගදී Earth Engine පර්යේෂකයන්ට, ලාභ නොලබන ආයතන සහ ප්‍රවෘත්ති මාධ්‍යවලට නොමිලේ ලබා ගත හැක.

ගූගල්හි භූ තිරසාරත්වය පිළිබඳ උප සභාපති Yael Maguire වාර්තාකරුවන් සමඟ පවසා තිබුණේ මීතේන් විමෝචනය අවම කිරීමට මෙම තොරතුරු බලශක්ති සමාගම්, පර්යේෂකයන් සහ රාජ්‍ය අංශයට ඇදහිය නොහැකි තරම් වටිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එක්සත් ජනපදය විශාල වශයෙන් මීතේන් විමෝචනය කරන රට වන අතර ඒ අනුව තෙල් හා ගෑස් මෙහෙයුම්වලින් කාන්දුවීම් වැළැක්වීම සඳහා අනිවාර්ය පියවර යෝජනා කර ඇත.

ඒ යටතේ මීතේන් හඳුනාගැනීමේ තාක්ෂණයට ප්‍රවේශය තිබේ නම් ෆෙඩරල් නියාමකයන්ට විශාල මීතේන් කාන්දුවීම් පිළිබඳ බලධාරීන්ට වාර්තා කිරීම සඳහා එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සිය විසින් නව රීතියක් මගින් මහජනතාවට අවස්ථාව ලබා දී තිබේ.