August 21, 2023

පසුගිය දශක දෙක තුළ මෙරට රන් හිවලුන් ගහණයේ සැළකිව යුතු අඩුවීමක් සිදුවෙමින් පවතින බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

පරිසර විද්‍යාව පිළිබඳ පර්යේෂක උත්පලා ජයවීර අනාවරණය කර ඇත්තේ, කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා විශේෂඥ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්නගේ අධීක්ෂණය යටතේ චන්දික ජයරත්න සමඟ එක්ව සිදුකළ මෙම අධ්‍යයනය මෙරට හිවලුන්ගේ වත්මන් ව්‍යාප්තිය සහ සංරක්ෂණ තත්ත්වය තක්සේරු කිරීම අරමුණු කරගත් බවයි.

වාසස්ථාන අහිමිවීම හා ආහාර ජාල ඛාදනයවීම හිවලුන් සංඛ්‍යාව අඩුවීමට ප්‍රධානතම හේතුව බව පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.

මෙරට අඩුවෙමින් පවතින හිවලුන්ගේ ගහනයට මාර්ග ජාල පුළුල් කිරීම ප්‍රධාන තර්ජනයක් බව අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ.

එමෙන්ම පළිබෝධනාශක භාවිතය, මාර්ග අනතුරු මෙන්ම එන්නත් නොකළ සුනඛයන් හරහා පැතිර යන සුනඛ විෂ, ජලභීතිකා රෝග වැනි රෝග එම සතුන්ගේ ගහනය අඩුවීමට හේතු වී ඇත.

මෙරට රන් හිවල් කැනිස් ඕරියස් නාරියා (golden Jackal Canis aureus naria) ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශවල දක්නට ලැබෙන රන් හිවල් උප විශේෂ 13න් එකක් බව උත්පලා ජයවීර පෙන්වා දී තිබේ.

රන් හිවලුන් විශේෂය තෙත් කලාපයට සාපේක්ෂව වියළි කලාපයේ වඩාත් කැපීපෙනෙන ලෙස දක්නට ලැබෙන අතර, ඉහළ උන්නතාංශ ප්‍රදේශවල ඔවුන් ඉතා දුර්ලභය.

යාල, උඩවලව, විල්පත්තු, කුමන සහ වස්ගමුව වැනි ජාතික වනෝද්‍යාන ජාලය තුළ මෙම හිවල් පැටවුන් වැඩි සංඛ්‍යාවක්‌ සිටින බව ඇය සඳහන් කර ඇත.

එම සතුන්ගේ ආහාර වේලෙහි සහල්, පරිප්පු, කොස් සහ කෙසෙල් තිබීම ගැන ඔවුන් පුදුමයට පත් වී ඇති අතර, එමඟින් පෙනී ගොස් ඇත්තේ හිවලුන් මිනිසුන්ගේ ඉතිරි ආහාර අනුභව කර මිනිස් වාසයට පැමිණෙන බව යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම සතුන් පරිසර පද්ධතියේ සමතුලිතතාවය රැක ගැනීමට දායක වන ප්‍රමුඛතම විලෝපිකයන්ගෙන් කෙනෙක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පවසයි.

හිවලුන් වැනි මාංශ භක්ෂකයන් දුර්වල සතුන් ඉවත් කර සතුන් රෝග වැළඳීමෙන් අවම කර පරිසර පද්ධතිය නිරෝගීව තබා ගන්නා බව ඔහු විස්තර කර ඇත.

රන් හිවලුන් මෙරට සිටින උස් කටහඬක් සහිත ක්ෂීරපායි සතෙක් බව මහාචාර්ය සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%