May 1, 2024

කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ සහ හුවමාරු කලාපයේ(transit area) රත්‍රං අලෙවිසැලක් පවත්වාගෙන යෑම සඳහා ටෙන්ඩර් කැඳවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ නව ව්‍යාපාරික අවස්ථාවක් ලෙස රන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳ සළකා බලා ඇති අතර ඒ සඳහා වන යෝජනා ඉදිරිපත් කර ඇත්තේ සීමාසහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසිනි.

දැනට මෙම පහසුකම කටුනායක ගුවන් තොටුපළේ නොමැති අතර එම නිසා අදාළ ස්ථානවල රත්‍රන් අලෙවිසැල් පිහිටුවීමට ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම සැලසුම් කර ඇත.

ඒ නිසා අන්තර්ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමයට අනුව මේ සඳහා සුදුසු ක්‍රියාකරුවකු තෝරා ටෙන්ඩර් කැඳවීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

42.31%
17.27%
32.76%