Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පල්ලේකැලේ ක්‍රිකට් පිටියේ මේ වන විට පැවැත්වෙන ලංකා T-10 ක්‍රිකට් තරගාවලිය අතරතුර ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා යෝජනා කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ගෝල්ඩ් මාවල්ස් කණ්ඩායමේ හිමිකරුවන ඉන්දියානු ජාතික ප්‍රේම් තකාර් යළි අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ, ඊට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවු අවස්ථාවේදීය.
මෙම වරද සම්බන්ධයෙන් තමන් රහස් ප්‍රකාශයක් ලබාදීමට එකඟ බව එම අවස්ථාවේදී අදාල විත්තිකරු මහේස්ත්රාත්වරයාගේ නිල මැදිරියේදී දැනුම් දී තිබේ.
ඒ අනුව, අදාළ රහස් ප්‍රකාශයේ සටහන් කරගැනීම සඳහා ඉන්දිය ජාතික සැකකරු ලබන 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
එතෙක් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදි වැඩිදුරටත් නියෝග කෙරිණි.
තම කණ්ඩායමට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්රීඩකයකුට තරග පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට මෙම ඉන්දීය ජාතිකයා ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් විමර්ශන ඒකකය මගින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart