November 13, 2023

කිතුල්ගල ජල ඔරු ප්‍රදේශය, පින්නවල අලි අනාථාගාරය සහ ඒ වටා ඇති අනෙකුත් සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන සංචාරක කලාපයක් ලෙස සංවර්ධන කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය අයවැය කතාවේදී පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන පිවිසුම ඒ සදහා උපයෝගී කරගන්නා බවත් , යෝජිත ගලිගමුව නගරය එහි කේන්ද්‍රස්ථානය ලෙස ප්‍රවර්ධනය කරන බවත් ජනාධිපතිවරයා පවසයි.

වසර තුනක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනු ඇති අතර ඒ සදහා වෙන් කර ඇති මුදල රැපියල් මිලියන 750කි.

42.31%
17.27%
32.76%