October 24, 2024

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ පාලනය වසර 10 කින් පමණ පසු ප්‍රථම වතාවට එරටට නව සංක්‍රමණිකයන් පැමිණීම කප්පාදු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

කැනේඩියානු රජය පවසන්නේ වරක් ඉහළ මට්ටමේ සංක්‍රමණ වැළඳගත් රටකට නව යුගයක් උදාකිරීම මෙම තීරණයේ අරමුණ බවයි.

ඒ අනුව ලබන වසර සඳහා කැනඩාව සිය සංක්‍රමණිකයන්ගේ වාර්ෂික ස්ථිර පදිංචි ඉලක්කය 395,000 දක්වා අඩුකිරීමට අපේක්ෂා කෙරෙන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය වසරේ එම ඉලක්කය තබා තිබුණේ මිලියන භාගයක පමණ අගයකටයි.

නව යෝජනාව අනුව එම සංඛ්‍යාව 21% වඩා පහත වැටී ඇත.

කැනේඩියානු රජයේ සංක්‍රමණික කප්පාදුව සම්බන්ධයෙන් වන නව තීරණයේදී වාර්ෂික ඉලක්කය 2026 සඳහා දළ වශයෙන් 380,000 සහ 2027 දී 365,000 දක්වා තවදුරටත් අඩුවනු ඇත.

මෙම පුවත නැෂනල් පෝස්ට් පුවත් සේවය විසින් ප්‍රථම වරට වාර්තා කරන ලද අතර, කැනඩාවේ ආගමන අමාත්‍ය මාක් මිලර් අද උදෑසන එරට පාර්ලිමේන්තුවට අවසන් යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ස්ථිර පදිංචිකරුවන් කැනඩාවේ සංක්‍රමණ පද්ධතියේ ප්‍රධාන කොටසක් වන අතර, එරට වේගයෙන් වයස්ගතවන ශ්‍රම බලකාය නැවත පිරවීම සඳහා තරුණ සහ ඉහළ උගත් ශ්‍රමිකයන් ගෙන්වාගැනීම කෙරෙහි අවධානය යොමුකරයි.

42.31%
17.27%
32.76%