January 23, 2024

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් සිකුරාදා ඇඩිලේඩ් හි රාත්‍රී විවේකයකින් පසු ගිලන් රථයකින් රෝහලට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මැක්ස්වෙල් ඇඩිලේඩ් හි සීබීඩී හි ජනප්‍රිය ගොල්ෆ් ඉසව්වකට එදින පෙනී සිට ඇත්තේ, හිටපු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නකු වන බ්‍රෙට් ලී සහ ඔහුගේ සික්ස් ඇන්ඩ් අවුට් සංගීත කණ්ඩායම ප්‍රසංගයක් පවත්වමින් සිටි අවන්හලකට යෑමට පෙරය.

35 හැවිරිදි මැක්ස්වෙල් එම ස්ථානයේ සිට ගිලන් රථයකින් රාජකීය ඇඩිලේඩ් රෝහලට ගෙන ගිය බව 7NEWS වාර්තා කළේය.

කෙසේවෙතත්, ඔහු එම ස්ථානයේ රාත්‍රිය ගත නොකළ බව වැඩිදුර වාර්තා සදහන් කර තිබේ.

පසුගිය වසරේ අගභාගයේදී ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දුන් මැක්ස්වෙල්, පෙබරවාරි මාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන T20 තරඟාවලියට පෙර ඕස්ට්‍රේලියානු සංචිතය සමඟ පුහුණු වෙමින් සිටින අතර තුරදි මෙම සිද්ධිය සිදුව ඇත.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ති⁣බේ.