January 9, 2024

පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද (09) පෙරවරු 8.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඒ, රුපියල් 35,000ක දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලමිනි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රජයේ රෝහල්වල රසායනාගාර සේවකයන්, ඖෂධවේදීන්, විකිරණවේදීන් ඇතුළු වෘත්තීකයන් සම්බන්ධ වන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ඔහු සඳහන් කළේ, රෝගීන්ට සිදුවන අපහසුතා සැලළකිල්ලට ගෙන වකුගඩු රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල් සහ ළමා රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි.

මේ අතර වෛද්‍යවරුන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට ඊයේ (08) කැබිනට් අනුමැතිය හිමිවිය.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, රුපියල් 35,000 ක් පැවති වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා, පැමිණ සිටීමේ සහ ප්‍රවාහන දීමනාව රුපියල් 70,000 ක් දක්වා වැඩිකර ඇති බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යන දීමනාව 25% කින් ඉහළ දමා ඇත.

එම දීමනාව ජනවාරි වැටුප සමග ලබාදීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

42.31%
17.27%
32.76%