April 15, 2024

පොළොන්නරු දිස්ත්‍රික්කයේ මින්නේරිය පොලිස් වසමට අයත් ගිරිතලේ යාය 4 රදේශයේ පදිංචි 17 හැවිරිදි දැරියකට වෙඩිතබා තුවාල සිදුකර තිබේ.

මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රියේ 8.45ට පමණ සිදූවී ඇත

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කර ඇත්තේ අංක 153, කුඹුරු ඉඩම, යාය 04, ගිරිතලේ ලිපිනයේ පදිංචි ගල්පිටියේ ගෙදර 17 හැවිරිදි කෞෂිකා චමෝද්‍යා යන දැරියයි.

ඇයගේ ගෙල ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර, පසුව අනුරාධපුරයේ රෝහලට මාරුකර තත්වය අසධ්‍ය නිසා වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

මෙම වෙඩි තැබීම සිදුකළ සැකකරු හා වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය පිළිබඳව මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

තුවල ලද දැරියගේ පියා ගල්පිටියේ ගෙදර විජිත බන්ඩාර, රැකියාව කුලීවැඩ, වයස අවු 50 යි.

තුවාල ලද දැරියගේ මව මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙසේ පවසා ඇත.

“මගේ දුව පවුලේ බාලයාට තමයි මේ විදිහට වෙඩි වැදිලා රෝහල්ගත කර තිබෙන්නේ. ඇය වසර දෙකකට පමණ ඉහතදී ප්‍රදේශයේ හතළිස් හැවිරිදි පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගැනගියා. වසර දෙකකට ආසන්න කාලයක් දුව ඔහු සමග එකම නිවසක වාසය කළා. ඔහුගෙන් වෙන හිරිහැර කම්කටලු උහුලා ගැනීමට නොහැකිවීම නිසා ඇය මීට සති කිහිපයකට කළින් ගෙදර ආවා.”

ඉන් අනතුරුව ඔහු ඇයට නොයෙකුත් අවස්ථාවල දී මග රැක සිට තර්ජන එල්ල කර තිබෙන අතර, කිහිපවතාවක්ම ඔහු ඇයට නැවතත් යෑමට කතාකළත් ඇය එයට කැමති නොවීම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය උත්සන්න වී තිබේ.

සිද්ධිය වූ ඊයේ රාත්‍රී අවුරුදු සාදයක් සඳහා යාබද නිවසකට මෙම තරුණිය සහ මව ඇගේ පවුලේ පිරිස සමඟ ගොස් ඇත.

එහිදී දැරිය නිවසේ ඉදිරිපස දොරකඩ අසල පුටුවක වාඩි වී සිටින විටදී පැමිණ ඇති අදාළ පුද්ගලයා වෙඩි තබා පළාගොස් ඇති බව පැවැසේ.

එම වෙඩි තැබීමෙන් දැරිය උදර ප්‍රදේශයට බරපතල හානි සිදුවී ඇති අතර, ඇය කඩිනමින් පොළොන්නරුව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

42.31%
17.27%
32.76%