October 17, 2024

දැදුරු ඔයේ මත්ස්‍ය සම්පත වන­සන ආක්‍ර­ම­ණික මත්ස්‍යයා දේශීය මත්ස්‍ය­යකු වන ලූලා අයත් මත්ස්‍ය කාණ්ඩ­යේම දරුණු ආක්‍ර­ම­ණ­ශීලී channa micropeltes (Giant snakehead) නම් මත්ස්‍ය ප්‍රභේ­දය බව නාරා ආය­ත­නය මඟින් තහ­වුරු කර ඇත.

‘දිනමිණ’ මේ සම්බන්ධයෙන් ගෙනඑන වාර්තාවට අනුව අග්නි­දිග ආසි­යාව නිජ­බිම කර­ගත් මිරි­දිය මත්ස්‍ය­යකු වන මේ මත්ස්‍යයා කි.ග්‍රෑ. 20ක් පමණ වර්ධ­න­යක් දැකිය හැකි මාංස භක්ෂක පරි­භෝ­ජන රටා­වක් අනුව ජීවත්ව තම වර්ගයා බෝ කර­න්නකු වන බව නාරා ආය­ත­නය සඳ­හන් කරයි.

මේ නිසා ජලා­ශයේ සිටින අනෙ­කුත් මත්ස්‍ය­යන්ට දැඩි තර්ජ­න­යක් ඇති වන බව ද නාරා ආය­ත­නය තහ­වුරු කර තිබේ.

එමෙන්ම ධීව­ර­යන් සඳ­හන් කර ඇත්තේ මේ හේතු­වෙන් සෑම ධීවර තොටු­පො­ළ­කම ධීව­ර­යන්ගේ දිනක මත්ස්‍ය අස්වැ­න්නට මෙම මත්ස්‍යයා මඟින් බල­පෑම් එල්ල වන බවයි.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්වන නාරා ආය­ත­නයේ ප්‍රධාන විද්‍යාඥ රමණි ශිරන්තා පෙන්වාදී ඇත්තේ, මෙම මත්ස්‍යයා නිසා මිරි­දිය ධීවර කර්මා­න්ත­යට එල්ල­වන බල­පෑම අවම කර ගැනී­මට මත්ස්‍ය­යාගේ ව්‍යාප්තිය පාල­නය කිරීමේ ක්‍රියා­මාර්ග සම්බ­න්ධ­යෙන් නාරා ආය­ත­නය කරුණු අධ්‍ය­ය­න­යක් සිදුකෙරෙන බවයි.

කුරු­ණෑ­ගල ගනේ­වත්ත ප්‍රදේ­ශය හරහා දිවෙන දැදුරු ඔය ජලා­ශයේ මෙම මත්ස්‍ය­යන් බහු­ලව සිටින ස්ථාන ආශ්‍රි­තව සහ දැදුරු ඔය ආශ්‍රි­තව ධීවර කර්මා­න්තයේ නියුතු ධීවර තොටු­පොළ ආව­ර­ණය කර­මින් තොර­තුරු ලබාගැනී­මේදී නාරා පර්යේ­ෂ­ක­යන්ට තහ­වුරු වූයේ මීට වස­ර­කට පෙර මෙම ජලා­ශය තුළින් විශාල ප්‍රමා­ණයේ මත්ස්‍ය­යන් ධීව­ර­යන්ට අල්ලා ගැනී­මට හැකි වී ඇති බවයි.

එහෙත් මෙම මත්ස්‍යයා පිළි­බඳ ධීවර ජන­තා­වගේ නොදැ­නීම මෙන්ම දේශීය ලූල් මත්ස්‍ය කාණ්ඩයේ විශා­ලම මත්ස්‍යයා වන “ගංආරා” මත්ස්‍ය­යාට බෙහෙ­වින් සමාන බැවින් මේ සම්බ­න්ධ­යෙන් ඒ අව­ස්ථා­ව­ලදී නිසි හඳු­නා­ගැ­නී­මක් සිදුවී නැති බවත් එම පර්යේ­ෂ­ක­යන්ට වාර්තා වී ඇති බව ද විද්‍යාඥ රමණි ශිරන්තා අව­ධා­ර­ණය කරයි.

42.31%
17.27%
32.76%