October 19, 2024

ප්‍රසිද්ධ හෝටලයකදී පානීය ජලය වෙනුවට ‘සර්ජිකල් ස්පිරිට්’ පාරිභෝගිකයකුට පානය කිරීමට ලබාදීමේ පුවතක් ගොතටුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

අදාළ හෝටලයට ආහාර ලබාගැනීම සඳහා ගිය තරුණියකට මෙලෙස පානීය ජාල බෝතලයක් වෙනුවට ‘සර්ජිකල් ස්පිරිට්’ අන්තර්ගත බෝතලයක් ලබාදී ඇතැයි පැවැසේ.

බෝතලයේ ඇති ද්‍රවණය පිළිබඳව අවබෝධයකින් තොරව, ජලය යැයි සිතා එය පානය කළ තරුණියගේ උගුර ප්‍රදේශය පිළිස්සී ඇතැයි වාර්තා සඳහන් කරයි.

මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එම අවස්ථාවේ අදාළ හෝටලයේ සිටි වෛද්යවරියක එම ද්‍රවණය ‘සර්ජිකල් ස්පිරිට්’ බව හඳුනාගෙන ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%