July 14, 2024

ද්‍රව ස්වභාවික වායුව(LNG) සැපයීම සඳහා ඉන්දියාව වෙත පිරිනමා ඇති කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව තිබෙන බව වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ එම ව්‍යාපෘතිය සඳහා තරඟකාරී ටෙන්ඩරයක් නොතිබීමයි.

මෙම ව්‍යාපෘතිය රජයෙන් රජයට ගනුදෙනුවක් ලෙස විස්තර කෙරෙන අතරතුර ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු රජයට අයත් Petronet LNG Ltd වෙතින් සෘජුවම ගෑස් මිලදී ගැනීම සඳහා ව්‍යාකූල හිමිකාර ව්‍යුහයක් ඇති LTL Holdings Ltd වෙත බලපත්‍ර ලබා දීමට යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇති ඉන්දීය රජයේ යෝජනාව අනුව Petronet LNG Ltd සමාගම විසින් කෙරවලපිටිය තාප බලාගාර වෙත දිනකට කන්ටේනර් 40 බැගින් ද්‍රව ස්වභාවික වායුව සැපයීමට නියමිතය.

එම ද්‍රව ස්වභාවික වායු තොග කොචි වරායෙන් නැව්ගත කර කෙරවලපිටියේ LTL Holdings Ltd විසින් පවත්වාගෙන යනු ලබන බලාගාර වෙත රැගෙන යෑමට සැලසුම් කර ඇත.

ඉන්දියාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව යටතේ දිනකට බහාලුම් 60-70 දක්වා නැව්ගත කිරීමේ හැකියාව තිබේ.

ඉන්දියාවේ Petronet LNG Ltd සමග වන ගනුදෙනුව ශ්‍රී ලංකාව විසින් ඉදිරියට ගෙනයනු ලැබුවේ පසුගිය වසරේ චයිනා හාබර් ඉංජිනියරින් සමාගම සහ පාකිස්ථානයේ එන්ග්‍රෝ කෝපරේෂන් වෙත කෙරවලපිටියේ පාවෙන ගබඩා සහ ප්‍රති-ගෑස්කරණ ඒකකයක් ආදිය සඳහා වූ යෝජනාව පවා අත්හිටුවා තිබියදීය.

කෙරවලපිටියේ ඉදිවෙමින් පවතින මෙගාවොට් 350ක සොබාධනවි ඒකාබද්ධ චක්‍රීය බලාගාරය LNG භාවිතයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට LTL Holdings Ltd සහ Petronet LNG Ltd වෙතින් ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.

තෙල් හා ගෑස් කර්මාන්තයේ දී කොන්ත්‍රාත්තුවක් දී ඇති කාල සීමාව තුළ නියමිත කොන්ත්‍රාත්තු මිලකට එකඟ වූ අවම ගෑස් ප්‍රමාණයක් ගත්ත ද නොගත්ත ද එකඟ වූ මුදලක් ගෙවීමට ගැණුම්කරුට බැඳී සිටී.

වාර්තා වන පරිදි මිලක් සාකච්ඡා කර ප්‍රසම්පාදන බර දරා ගැනීමේ වගකීමLTL Holdings Ltd සතු වේ.

කෙසේවෙතත් බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පවසන්නේ TL Holdings Ltd සහ Petronet LNG Ltd අතර ගනුදෙනුවේ ද විනිවිදභාවයක් නොතිබූ අතර එය IMF අවශ්‍යතාවලට ද පටහැනි බවයි.

 

42.31%
17.27%
32.76%